
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ අණ්ඩුක්රම ව්‍යාවස්ථාව 20 වරක් සංශෝධනය වූ නිසා නව ව්‍යාවස්ථාවක් ඉදිරිපත්වීමට ඉඩඇති අතර එම නව ව්‍යවස්ථාවේ බුද්ධාගම යන පරිජේදය රැකුණොත් හොඳ බවත් නැගෙනහිර සහ උතුරේ 1000 කට අධික පුරාවිද්‍යා ස්මාරක පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල බලය ප්‍රදේශීය ලෙක්ම්ගේ යටතට පත් කළ හොත් ඕනෑම කෙනකුට දීමේ හැකියාව තියෙන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න නාහිමියෝ අද (27) පැවසූහ.
‘සුඛා සඞඝස්ස සාමගගී’ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව, පෝෂණය සහ ජාතික ආගමික සහජීවනය උදෙසා වන මහසඟ සමුළුව අමතමින් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ඒ බව පැවැසූහ.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.
ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ ද පැවැසූහ
සම්බුද්ධ ශාසනය රැකගතයුතු යැයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව ඇති බවත් දේශපාලඥයන් නොදැනුවත්ව හෝ ඇතැම් සෙසු නායකයන් කළ ඇති ප්‍රකාශ හේතුවෙන් බුද්ධ ශාසනය රැකගන්න ඕන යැයි ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ප්‍රකාශයට ගැටලුවක් ඇතිවිය හැකියි.
සියලු සත්වයෝ නිදුක්වෙත්වා ලෙස මෛත්‍රී වඩන භික්ෂූන්වහන්සේ නින්දා අපහාස කරන අතර ස්වාමීන්වහන්සේ සිවුරු දරාගෙන දුක්විදින්නේ කවුරුන් වෙනුවෙන් ද යන ගැටලුව මතුවෙනවා
ලංකාවේ කිසිම හාමුදුරුකෙනෙක් කන්න නොමැති කමින් මහරණ වී නැහැ.
හාමුදුරුවන් සිවුර දරාගෙන බුදුහාමුදුරුවන්ගේ ශාසනය වෙනුවෙන් ජීවිතේ දියකරන පිරිසක් .
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ එහිදී මෙසේ පැවසූහ.
‘කහකඩ පාතාලය අද කොළඹට, පීචන් භික්ෂූන්, දේශපාලන භීක්ෂූන් සහ ව්‍යාපාරික භීක්ෂූන් ලෙස මෙම සඟ සමුළුවට කොළඹට වඩින භික්ෂුන්වහන්සේ ෆේස්බුක් එකේ හදුන්වා දී තිබෙනවා.
නූතන පාලකයන්ට කසාවත පෙන්වන්න බැරි තත්වයක් තිබෙනවා
මෙම සංඝ සමුළුවට මෙරට බොහෝ ප්‍රදේශය නියෝජනය කරමින් භික්ෂූන්වහන්සේ දහසකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායා ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූතන ජෝකර්ලා සහ අපරාදකාරයෝ
මේ සංඝයාව රාජ්‍ය පාලනයට ඇඟිලි ගසන තුරු ශ්‍රී ලංකාව කිසිදා දියුණු කළ නොහැකි රාජ්‍යයක් වනු ඇත. නියපොත්තෙන් කපන්න පුළුවන් අවස්ථාවේදී එය කළ යුතුය. විශේෂයෙන්ම තුනෙන් දෙකක (2/3) බහුතර බලයක් ඇති රජයක් මීට වඩා දැඩි ස්ථාවරයක සිටිය යුතුය.
2500ක් ගෙන්නගන්න අරමුණ 1000කට සීමාවීම අපගේ බලවත් කණගාටුව. හාමුදුරුවරු 30:01 අනුපාතයට අහවල්ලු.
උතුම්වූ ධර්මය රැකගැනීමට මේ දරන මහඟු උත්සාහය ඉතාම අගය කලයුතුයි. තවතවත් පන්සල් තාප්ප ඉදිවීමට, යානවාහන ලැබීමට, උපාසිකා ඇසුර ලැබීමට මේ පින් හේතුවේවා! හේතුවේවා! හේතුවේවා!
අනේ හාමුදුරුවනේ, රටේ පවතින කුඩු ව්‍යාපාරයේ ආනිසංස කියාදී ජනතාව යහමගට ගන්න. සමහරුන් දේශපාලනයට මුදල් ලබාගන්නේ කුඩු මුදලාලිලාගෙන්. ඔවුන්ට නිවැරදි බණ දේශනා කළොත් ඔබලා හොයන නිවන මගට නිතැතින්ම වැටෙයි. බුදුසරණයි.