ජනාධිපති පරිසර සම්මානයට අයැදුම්පත් කැඳවයි මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන ’’ ජනාධිපති පරිසර සම්මාන - 2026’’ සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 19 April 2026
මත් සැකකරුවෝ 757ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ සැකකරුවන් 757 ක් ඊයේ (18 ) කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 19 April 2026
‘‘පොලිසිය පාතාලය සෑහෙන්න අඩපණ කරලා‘‘ පොලිසිය මේ වන විට ක්‍රියාත්මක කොට ඇති විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම් බොහෝ දුරට අඩපණවී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. 19 April 2026
ගල් අඟුරු කොමිසම ලබන සතියේ වැඩ අරඹයි ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ වැඩ ලබන සතියේදී ඇරැඹීමටට නියමිතය. 19 April 2026
අවුරුදු සමයේ අධිවේගයෙන් කෝටි 44ක ආදායමක් අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ වාහනවලින් රුපියල් 441,101,230 ක ආදායමක් හිමි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 19 April 2026
අධිවේගයේ ආරක්ෂාවට ගුවන් හමුදාව කැඳවයි අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරි යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර ගුවන් හමුදා නිලධාරීන් ඒ සඳහා යොමු කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 19 April 2026
ඉන්දීය උප ජනාධිපති -ජනපති හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අතර නිල හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු විය. 19 April 2026
ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න: සජබ ඉල්ලයි ගල් අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර දෙන්නැයි සමගි ජන බලවේගය ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 April 2026
අල්ලස්ගත් ගණකාධිකාරී-කළමනාකරණ සහකාර මාට්ටු මූලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිකාරීවරයා සහ කළමනාකරණ සහකාර සහකාරවරයෙකු රුපියල් 30000/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි. 19 April 2026
දුම්රියේ ගැටී විදෙස් තරුණිය මරුට අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 19 April 2026
ඇමතිට සියල්ල පවරා ආණ්ඩුවට අත හෝදගන්න බෑ වගකීම අමාත්‍යවරයාට පවරා සමස්ථයක් ලෙස අතසෝදා ගැනීමට රජයට ඉඩක් නොලැබෙන බව බාල ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂය පවසයි. 19 April 2026
කොළඹ ගමනා ගමනයේ අදත් වෙනසක් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිෂ්ණත් මහතා ගේ නිල සංචාරය වෙනුවෙන් අද (20) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථ වාහන කොට්ඨාසය පවසයි. 19 April 2026
ඊලෝන් මස්ක් තැන රැක ගනී නවතම බ්ලූම්බර්ග් ධනපතීන්ගේ ලැයිස්තුවේ ලොව පළමු වන ස්ථානය රැක ගැනීමට ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සමත්විය. 19 April 2026
අවුරුදු සමයේ අනතුරුවලින් 69ක් මරුට අවුරුදු සමයේ සිදුවූ මාර්ග අනතුරුවලින් සහ දියේ ගිලීම්වලින් 69දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි 19 April 2026
කෝටි තුනක ’’අසූචි පොහොර’’ ගබඩාවල දිරයි පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 වර්ෂ වලදී මිලදී ගෙන ඇති රුපියල් තුන් කෝටි විසි අට ලක්ෂ තිස් පන්දහසක කාබනික පොහොර මේට්‍රික් ටොන් 2487ක් කිසිදු කටයුත්තකට යොදා නොගෙන තවමත් ප්‍රාදේශීය ගබඩාවල පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 19 April 2026
දියේ ගිලී ගුරුවරයා සහ සිසුවා මරුට තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 19 April 2026
පතුල් පහළ ප්‍රමුඛතා බස් සේවාව 21 දා සිට ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන 21 දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 19 April 2026
ලක්ෂ 30ක කුඩු සමඟ අයෙක් මාට්ටු රුපියල් ලක්ෂ තිහක් පමණ වටින මත් කුඩු තොගයක් සමග පාතාල කණ්ඩායම් නායක සමන් කොල්ලාගේ ගෝලයකු අම්බලන්ගොඩ දේවගොඩදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි. 19 April 2026
නිවසට ගිනි තියලා මව- දියණිය මරුට: දෙන්නෙක් රෝහලට කිසියම් පිරිසක් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරයි. 19 April 2026
ඉන්දිය උප ජනපති එයි ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 19 April 2026
මිදිගම නිවසකට වෙඩි මිදිගම, ගංගොඩගම , නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි . 19 April 2026
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් උණ්ඩ 1,298ක් මතුවෙයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරින් පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව අභියස සඟවා තිබූ ටී 56 උණ්ඩ 1,298ක් සොයා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි. 19 April 2026
අවුරුදු උත්සවයේ ගැටුමෙන් 7ක් රෝහලේ ආණමඩුව කරඹෑව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක් අතර තුරදී ඇතිවු ගැටුමකින් තුවාල ලැබු හත් දෙනෙකු ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි. 19 April 2026
‘‘අවිහිංසාවාදය‘‘ ලොවට ගෙන යන සාම පා ගමනට සියල්ල සූදානම් අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් අලුත්ගම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස්නමක් නමක් දිවයිනට වැඩිම කරනු ලැබ සිටිති. 18 April 2026
දින පහළොවට නාවික හමුදාවෙන් ලොකු මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම වලින් නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් හතලිස් එක් දෙනකු සහ ඩිංගි යාත්‍රා 11 ට්‍රැක්ටර් රථ දෙකක් අත් අඩංගුවට ගෙන තිබේ. 18 April 2026
ගල්අඟුරු ’’ෆයිල්’’ අරන් සජබ හෙට අල්ලස් කොමිසමට ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෙට සඳුදා පැමිණිල්ලක් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. 18 April 2026
ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදීලා මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. 18 April 2026
කොළඹ පාරවල්වල හෙට ගමනා ගමනය සීමා වේ ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිෂ්ණත් මහතා හෙට (19) සහ අනිද්දා (20) ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථ වාහන කොට්ඨාශය පවසයි. 18 April 2026
කුමාරගේ පුටුවට අනුර ? කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 18 April 2026
පොලිසියෙන් බේරෙන්න කුඩ්ඩා මුහුදට පැනලා බේරුවල ධීවරවරායේ මත්ද්‍රව්‍ය අලෙව් කිරීමේ ජාවාරමක නිරතව සිට පුද්ගලයකු පොලිසියෙන් බේරිම සඳහා මුහුදට පැන ඇති අතර ඔහු මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 18 April 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026