
(කාංචන කුමාර ආරියදාස)
කුඩා ටිපර් රථයකට මවක සහ පුතුන් දෙදෙනකු ලොරියට යටවී මව මිය ගොස් පුතුන් දෙදෙනා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි ඩී .එම් . දිලානී අරෝෂා 46 සිව් දරු මවකි.
ඇයගේ වයස අවුරුදු 19 සහ 14 වූ පුතුන් දෙදෙනා ද මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර වැඩිමහල් පුතා දඹුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මියගිය සිව් දරු මව කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කොට පසුගිය අටවන දින ලංකාවට පැමිණ ඇති බව ඥාතීහු කියති.
වැඩිමහල් පුතුගේ අපලයකට වූ භාරයක් ඔප්පු කිරීමට අවශ්‍ය රෙදි පෙරදී සහ අනෙකුත් බඩු මුට්ටු ලබා ගැනීමට නගරයට යෑමට මාර්ගය අසල සිටයදී රියැදුරාගේ පළනයෙන් ගිලිහුණු ටිපරයේ ගැටී ඇතැයි නිවැසියෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශෝචනීය මරණයක්... පිට රට සේවය කරලා මව්බිමට ඇවිත් දිවි දුන්නා.
නිවන්සුව අත්වේවා....
ඉතාම අවාසනාවන්ත සිදුවිමක්....
රියදුරු මත් වෙලාද, නැත්නම් රථයේ දෝෂයක්ද?
බොහෝම කනගාටුදායක පුවතක්. රියදුරුගේ නොසැලකිලිමත් ධාවනය කොහොම වෙතත්, අන්තිමට ටයර්වල දෝෂයක් කියලා නඩු තීන්දුවක් එන විදියට කටයුතු සිදුවේවිද දන්නේ නැහැ. මොකද වැරදි කරන්නේ රියදුරා නෙමෙයිනේ, ධාවනය වන රථයනේ.
පළමුවෙන්ම මවට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර අප හැම සියල්ලන්ටම අවබෝධ කරගතයුතු කාරණාව නම් ඔබගේ ද මගේද මරණයට දිනය අදද හෙටද නොදන්නා නිසා සෑම මෙහොතකම යහපත් කල්ක්රියාවෙන්ම ගත කරගත යුතුය යන්නය.තෙරුවන් සරණයි!