කොත්මලේ අවතැන් වූ පිරිසක් පහසුකම් ඉල්ලා උද්ගෝෂණයක දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ සහ නායයෑමේ අවධානමක් සහිත කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට කොත්මලේ ගාමිණි දිසානායක පාසලේ සිටින පීඩාවට පත් ජනතාව (17) දින එම පාසල ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය. 17 December 2025
වෛද්‍යවරයාට ගැහුවයි බදුල්ල රෝහලේ වැඩ නවතියි බදුල්ල ශික්ශණ රෝහලේ සේවය කරන වෛද්‍යවරෙයකුට බදුල්ල වෙලේකඩේ ප්‍රෙද්ශෙය් දී පහරදුන්නැයි රෝහලේ වෛද්‍යවරු අද(17) සංකේත වැඩ වර්ජනයක නිරතව සිටියහ. 17 December 2025
දින තුනකට පසු වෙරුගල් ප්‍රා.ලේ විවෘතයි වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල පැය කිහිපයක් සිර කරගෙන සිටීමේ සිද්ධිය මුල් කරගනිමින් එයට විරෝධය දක්වා වැඩ වර්ජනයක් හේතුවෙන් වසා දැමුණු වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා වෙනුවෙන් දින තුනකට පසු යළි අද (17) විවෘත විය. 17 December 2025
රට නඟන අරමුදලට ආයතන දෙකකින් කෝටි පහක් ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට සෙනුර සිවිල් ඉංජිනේරු (පුද්) සමාගම සහ රැන්ක් කන්ටේනර් ටර්මිනල් (පුද්) සමාගම රුපියල් කෝටි පහක් පරිත්‍යාග කළේය. 17 December 2025
හිරෙන් පනිද්දී අහසට වෙඩි තබා අල්ලයි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ අහසට වෙඩි තබා මෙල්ල කර අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 17 December 2025
සිඩ්නි ඝාතකයාට මිනීමැරුම් චෝදනා 15ක් සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දිවි ගලවා ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15 ක් සහ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවක් ඇතුළුව වැරදි 59 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට එරට පොලිසිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.. 17 December 2025
කැඩුණු දුම්රිය මග හදන්න චීනයෙන් උදව් ඉල්ලයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වැන්ග් ඩොංමිං(WANG DONGMING) මහතා පැවැසීය. 17 December 2025
අ‘පුර රෝහලේ වර්ජනයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද (17) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශ වලින් ප්‍රතිකාර සදහා පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවයකට පත්වුහ. 17 December 2025
ආරක්ෂක මාණ්ඩලික විදුහලේ 19 වැනි උපාධි කණ්ඩායම විසිර යයි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) 19 වැනි පාඨමාලාවේ උපාධි ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 17 December 2025
කාලගුණ ආපදාව: විවාදයක් හෙට කාලගුණ ආපදාව සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් හෙට (18) උදේ 10.30 සිට සවස 6.30 දක්වා පැවැත්වේ. 17 December 2025
මත් සැකකරුවෝ 970ක් අත්අඩංගුවට ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 970 ක් ඊයේ (16) කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 17 December 2025
ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාව පත් කරයි ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. එමෙන්ම එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් මහත්ම මහත්මීහු පත් වූහ. 17 December 2025
බඹරු ඇන 10ක් රෝහලේ පුත්තලම තිල්අඩිය අඩපනාවිල්ලුව ප්‍රදේශයේ බඹර කුඩුවක් ඇවිස්සිමේන් 15 දෙනකුට වැඩි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වි 10 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි. 17 December 2025
රට නගන අරමුදලට රේඛාස් ජුවලරිස් ලක්ෂ 50ක් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට රේඛාස් ශ්‍රී ජුවලරිස් රුපියල් මිලියන 5ක ආධාරයක් කළේය. 17 December 2025
අල්ලස් ගැනීමට ගිය සැරයන් මාට්ටු විදෙස් ගතවීමට පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබාදීමට නිලාවේලා ප්‍රදේශයේ කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ගැනීමට සූදානම්වු පොලිස් සැරියන්වරයෙකු ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 17 December 2025
පද්මේගේ ගිනි අවියක් එඬෙරමුල්ලෙන් හමුවේ රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මේ නමැති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ගිනි අවියක් සහ උන්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 17 December 2025
බටපොළින් ගිනි අවියක් හමුවේ බටපොල දිද්දැලිය වත්තේ කුරුදු ඉඩමක සඟවා තිබු ටි.56 ගිනි අවියක් එහි පතරොම් ගැබ දෙකක් සහ උණ්ඩ 60ක් සමග සැකකරුවකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 17 December 2025
තරංගාකාර සුළං නිසා උතුරු - නැගෙනහිරට වැස්ස වැඩිවේ නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රභවයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීද තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 December 2025
ආපදා ආධාර රැගත් ගුවන් යානයක් ජර්මනියෙන් පැමිණෙයි යුරෝ මිලියන 5,000 ක් වටිනා ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණියේය. 17 December 2025
කාර්මික දෝෂයට ලක්වූ තුර්කි යානය කටුනායකට ගොඩ බස්සයි ශ්‍රී ලංකාවේ සිට ගුවන් ඇරඹු තුර්කි ගුවන්යානයක් රෝදවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් නැවත ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්ස වූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 17 December 2025
පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින් මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2025
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති ඇමතිට ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට අද(16)වන දා පිළිගන්වා තිබේ. 16 December 2025
පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විශේෂ විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) තීරණය කර ඇත. 16 December 2025
හදිසි ආපදාවේ පාඩු වාර්තාව මැතිසබයට හදිසි ආපදා තත්වයෙන් මාර්ග විදුලිය ජල සම්පාදන ක්ෂේත්රවලට රුපියල් කෝටි 10085 ක පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්නේ ය. 16 December 2025
සජිත් ආපදා කළමනාකරණයට වෙනම කැබිනට් ඇමැති කමක් ඉල්ලයි ආපදා කළමනාකරණ ක්ෂේත්රය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර එය ශක්තිමත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 December 2025
දයාසිරිගෙන් ශ්‍රීලනිපට සැර ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීම පක්ෂ ව්‍යවස්ථාව නැවත උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට මැතිවරණ කොමිසම පිළිගන්නා පක්ෂයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. 16 December 2025
ලංකා සරසවි පහක් විදෙස් සහයෝගිතා ගිවිසුම් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ පත් වෙයි ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 16 December 2025
පිට්ටු කෑල්ලකට බිරිය, සිවුදරු සැමියා මරා දමලා මඩකලපුවේ වහනේරි හි නිවෙසකදී උදෑසන ආහාරයට පිට්ටු ඉල්ලපු සැමියාට බිරිය පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.. 16 December 2025
තක්ෂි සමග හාදකම් පෑවැයි සාජන් ගෙදර ගනේමුල්ල සංජීව නමැත්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට ගත් නන්ද කුමාර් තක්ෂි නැමැත්තටය බිස්කට් එකක් දෙකට කඩා කැල්ලක් දුන් බව කියන කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 16 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026