
(උපාලි ආනන්ද)
පිහියකින් බෙල්ල කපා මනුෂ්‍ය ඝාතනයක් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි රජයේ රෝහලක සෞඛ්‍ය සහායක සේවකයකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඔහුට අද (22) මරණීය දණ්ඩනය නියම කළේය.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධි නීතීඥ යොමාලි නාගොඩ විතාන මෙනෙවිය ද, විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ද පෙනී සිටින බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ඉන්දික අත්නායක මහතා පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිලි පාර්ශ්වය එල්ලකර ඇති චෝදනාව සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලලා මැරුවනම් බෙල්ල කපන්න නියම වෙයිද? එහෙම නැත්තම් අසාධාරණයි.
මරණ දණ්ඩනය නියම කරනවා නම් මරණන් ඕන,, තනිකරම බොරුවක් කරන්නෙ,,මරණ දණ්ඩනය කියන වචනය භාවිතයෙන් ඉවත් කරන්න ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා කියලා කියන්න