බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මඩකළපුව අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතී.