දුම්රිය ස්ථානාධිපතිවරු ශ්‍රමදානයක ‘දිට්වා’ සුළි කුණාටුව හානිවූ පුත්තලම් මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන පිහිටි කඩුපිටි ඔය හරහා ඇති දුම්රිය පාළම සහ මාර්ගය යථා තත්වයට පත්කිරීමේ ශ්‍රමදානයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි. 16 December 2025
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට බිලියන 47ක් පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
අපේ අයට ජපන් රැකියා දොර අරින්න ගිවිසුමක් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම (SLFEA) සහ ජපානයේ එන්ටර් ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් (EUC) අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
අධිකරණය ඩිජිටල් කරන්න ක්ලීන් ශ්‍රී ලංකා සල්ලි දෙයි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ ’e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් මුදල් යෙදවීමට කැබිනට් අනුමැති ලැබී ඇත. 16 December 2025
ආසියා රාජ්‍ය ණය සමුළුවේ සත්කාරකත්වය ලංකාවට 2026 ආසියා කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම් සඳහා සම සත්කාරකත්වය සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ඖෂධ ගබඩා කරන්න ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා දෙයි වෛද්‍ය සැපයුම් අංශය සඳහා ගබඩා පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ගැබිනි කාන්තාවන්ට 5000ක පෝෂණ දීමනාවක් ආපදා තත්වය සහ උත්සව සමය වෙනුවෙන් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක පෝෂණ දීමනාව ලබාදීම අද (16) අාරම්භ කෙරිණ 16 December 2025
සෞදි - ලංකා තැපැල් ගිවිසුමක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ආයතනවල හිංසන මඩින ලෝක සම්මුතියට ලංකාවත් එක්වේ වැඩ ලොවේ ප්රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
රාජ්‍ය ව්‍යාපාර අධ්යක්ෂ පත් කරයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
‘ජනතා විශ්වාසය භංගවෙලා’ අාණ්ඩුවේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විශ්වාසය භංග වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. 16 December 2025
ඉන්දියාවෙන් තවත් වියළි සළාක තොගයක් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම් සඳහා පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම නැවත රැගෙන යාමට ආ ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානයෙන් මෙරටට තවත් ද්‍රව්‍යාධාර තොගයක් රැගෙන වී තිබේ. 16 December 2025
උඩරට දුම්රිය මඟේ සේවා දුම්රිය ඇරැඹේ නාය යාම් හා පස්කදු කඩාවැටීම් හේතුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින අතර එම මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල දක්වා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරවීමට අවසර ලබා දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උඩපලාත දිස්ත්‍රික් ඉංජිනේරු දනූශ්ක දිසානායක මහතා පැවසීය. 16 December 2025
නැ‘හිර දුම්රිය මඟේ ගල්ඔය ත්‍රි‘මලේ , දින 18කට පසු දුම්රිය ගමන් අරඹයි ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් අවසන් වීමෙන් දින දහඅටකට පසුව පළමු දුම්රිය අද (16) උදෑසන ධාවනයට එක් කළේය. 16 December 2025
වතුකරයේ පාසල්වල ඉගැන්වීම් අරඹයි පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ. පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ. 16 December 2025
ගංවතුරට හසුවූ නිලධාරීන්ට විශේෂ නිවාඩු ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර අැත 16 December 2025
රන්වලගේ අනතුර අනිද්දා මැතිසබයට හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ වාහනයේ හැපී කාන්තාවන් දෙදෙනෙකු සහ බිළිඳියක තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝව කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති. 16 December 2025
මත් ජාවාරමට සම්බන්ධ යුවළක් ඇතුළු 5ක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කඩු දෙකක්ද සමඟින් මුලතිව් හීදි අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 16 December 2025
සී බී රත්නායකට ඇප වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම්(රුපියල් 57347956.98) උපයා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍යය සී.බී රත්නායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 16 December 2025
ඉසඩ්.ඩී. ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩට මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද(16 ) අලුයම වෙහෙර ගම ප්‍රදේශයෙන් වැටී සිටි වන අලි තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පලවා හැරීමට පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයේ වනජීවී නිලධාරීන් කටයුතු කළහ. 16 December 2025
ප්‍රා. ලේ කොට්ඨාස 68 කට තව දුරටත් නායයාමේ අවදානම් නිවේදන දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 68 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16 ) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 16 December 2025
බිරියගේ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ. 16 December 2025
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 December 2025
ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 12 ක් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් හෙවත් ඩොලර් කෝටි 12 ක් ප්රදානය කරන බව ලෝක බැංකුව පැවසීය. 16 December 2025
පුද්ගලයකුගේ දත් හතරක් කැඩූ ප්‍රා. මන්ත්‍රීට ඇප පොළොන්නරුව ලංකාපුර දී ප්‍රදේශයේ දී පුද්ගලයකුට පහරදී දත් හතරක් කඩා බරපතල තුවාල සිදු කළැයි කියන ලංකාපුර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් ශලණි ගුණවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය. 15 December 2025
ලබන වසරේ පැන්ෂන් දෙන දිනයන් මෙන්න 2026 වර්ෂයේ මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයට පත් කළේය. 15 December 2025
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව රැස් වෙයි ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) රැස්විය. 15 December 2025
අධිවේගීයේ අනතුරකින් විදේශිකයන් 4කට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 168 කණුව ආසන්නයේදී අද (15)සවස වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ ඉරාන ජාතිකයෙන් සිව් දෙනකු සමඟ රියදුරු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබුණි. 15 December 2025
හතුරුසිංහ කෝටි 150 ක වන්දියක් ඉල්ලයි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ධුරයෙන් ඉවත්කිරීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේ යළි නඩු පවරා තිබේ. 15 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026