
(රෝෂන් තුෂාර)
ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ හා එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජකාරියවසම් මහතාගේ පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කොට ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයන් බඳවාගෙන ඔවුන්ව දේශපාලන කටයුතු යෙදවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අකිල විරාජ් කාරියවසම් මහතා අද අල්ලස් කොමිසමට කැඳවා තිබිණි.
පස්වරුව වනතෙක් ඒ මහතා කොමිසමට පැමිණ නොතිබූ අතර නොපැමිණීමට හේතුවක් දැනුම්දී නොමැති බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.
රජයේ සේවකයන් පුද්ගලික වැඩවලට යොදාගෙන අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd