
(නිමල කොඩිතුවක්කු)
දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසැල් හා ආපනශාලා 112ක විශේෂ හදිසි වැටලීමක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහිදී වැරදි සිදු කළ වෙළෙඳසැල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවත් එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.
මෙම වැටලීම්වලදී නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, බේකරි නිෂ්පාදන, අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම, ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුළු වැරදි රැසක් අනාවරණය වූ බවත් සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd