(ඩී.ජී. සුගතපාල)

දෙවිනුවර හුම්මාන පාරේ ධිවරයකුගේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඊයේ රාත්‍රි වෙඩි තබා පළගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවසට සහ ගේට්ටුවට රිවෝල්වර වර්ගයේ ගිණි අවියකින් වෙඩි පහරවල් කීපයක් වැදී ඇතැයි දකුණු පළාත් බාර ‍ඡ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

වෙඩි තැබිමෙන් කිසිවකුටත් හානියක් සිදුව නැති අතර වෙඩික්කරුවා පැමිණි මේටර් රථය මහනුවර ගුරුදෙණිය ප්‍රෙද්ශයේ පුද්ගලයකුට අයත් එකක් වට හදුනාගෙන ඇත.

මෙම නිවෙස් හිමියාගේ දියණියක් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හේවා මානගේ ශාන් ප්‍රමිත් නැමැත්තා සමග විවාහ විමට සුදානමින් සිටින බවටත් ඔහුට අයත් ධිවර යාත්‍රාවල කටයුතු මෙහෙයවනු ලබන්නේ මෙම නිවෙස් හිමියා විසින් බවටත් අනාවරණයවි ඇති බව පොලිසිය පවසයි.