
(අංජුල මහික වීරරත්න)
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී (10th South Asian Karate Championship 2026) පදක්කම් 85ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතය අද (21) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ජාතික කණ්ඩායම පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු ශ්‍රී ලංකා කරාතේ සංගමයේ නිලධාරීහු මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඥාතිහු එක්ව සිටියහ.
මෙම තරගාවලියේදී රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනාගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මීට අමතරව, කණ්ඩායම සමඟ එක්වූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් 05 දෙනෙකු ද ආසියානු කරාතේ සම්මේලනයේ (Asian Karate Federation - AKF) නිල පුහුණුකරුවන්ට හිමි බලපත්‍ර (AKF Coaching Accreditation) හිමිකර ගනිමින් මෙරට කරාතේ ක්‍රීඩා ක්ෂේත්රයට නව ජවයක් එක් කිරීමට සමත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd