(කේ බුද්ධික කුමාරසිරි)

ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවෙසට ඩෙංගු පරීක්‍ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු බවට පත් කරමින් දඩ මුදල් නියම කරමින් නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (22) නියෝග කළේය.

ඒ අනුව මෙම චෝදනා හතරට එක් චෝදනාවකට රුපියල් 1500/= බැගින් සහ සාපරාධී බිය ගැන්වීමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට එක් අයකුට රුපියල් 10,000 ක මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා අද (22) අධිකරණයට පැමිණ නොසිට බැවින් අදාළ මුදල අධිකරණයේ තැන්පත් කරන ලෙස ද නියෝග කෙරිණි.