(සුජිත් හේවාජුලිගේ )

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ  ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය

හැකි නම් එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ලෙස සංගමය ඉල්ලීමක් කරයි.

සංගමයේ ලේකම් නලින්ද සිල්වා සහ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බව  නීතිඥ සංගමය, ප්‍රකාශ කරන්නේය.

තමන් වෙත එල්ල කරනු ලබන මෙවැනි දේශපාලන ප්‍රහාර කිසිසේත්ම සාර්ථක නොවනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින බවත්, අධිකරණයේ සහ නීති ප්‍රජාවේ  ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට  සූදානම් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය  වැඩිදුරටත් පෙන්වා දෙයි.

මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ විපක්ෂය අතර ඩීල් එකක්( දේශපාලන ගනුදෙනුවක්) පවතින බවයි.