"අද ඔබ අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. නව දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ කියලා. මේ අලුත් පරම්පරාවට ඔබින දේශපාලන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා."යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ ඊයේ (26දා) පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
"පහුගිය කාලෙත් මේ ආණ්ඩුව බලයට ආවේ ඔය කාරණා ඔය විදියටම කියලා. හැබැයි බලය ගත්තට පස්සේ අපේ හාමුදුරුවනේ, ගතානුගතික, සාම්ප්‍රදායික, යල් පැනගියපු දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ සමහර ප්‍රතිපත්ති අසූ ගණන් වලට ගැලපෙයි. අනූව මුල භාගයට ගැලපෙයි. අඩුම ගානේ දෙදහටවත් ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති මාලාවක් අද ඔවුන් අනුගමනය කරන්නේ.
එක පැත්තකින් මර්ධනය. තවත් පැත්තකින් තර්ජනය. හැබැයි ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නැහැ. අද අසීමිත බදු බරක් ආණ්ඩුව ඔබ වෙත පටවලා තියෙනවා. ඔබ බදු ගෙවන්න විරුද්ධ නැහැ, ඔබ කැමතියි ගෙවන්න. හැබැයි ඔබ ගෙවන බද්ද සාධාරණ වෙන්න ඕනේ. ඔබ ගෙවන බදු ප්‍රමාණය සාධාරණයි වගේම ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ ඒ බද්ද නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා. නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා.
ඔබ ගෙවන බද්ද ගමේ පාරේ බෝක්කුව, ඇල වේල්ල හැදෙන්නේ නැත්නම්, ඔබ ගෙවන බද්දෙන් ඉස්කෝලේ, ඉස්පිරිතාලේ ගොඩනැගෙන්නේ නැත්නම්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ නැත්නම්, ඔබ අසීමිත බදු ගෙව්වත් අද රෝහලකට ගියාම බෙහෙත් නැත්නම් අපේ හාමුදුරුවනේ, එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්න තැනට රෝහල් තදබදය සහ සංවර්ධනය අවම කරලා තියෙනවා නම්, එවැනි අසීමිත බද්දක් ඔබෙන් ගන්න එක සාධාරණද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
පහුගිය කාලේ නම් JVP එක කිව්වේ මේ බදු සල්ලි හොරකම් කරනවා කියලා. අද ඔවුන්ගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔවුන් කියන විදියටම හොරකම් කරනවා. හැකර් කෙනෙක් පැනලා අරන් ගිහිල්ලා.
ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ ගිණුමට හැකර්ලා පැන්නේ නැහැනේ.වැරදි ගිණුමකට මුදල් දැම්මාලු. එතකොට මුදල් අමාත්‍යාංශයේ ඉන්නේ පොඩි ළමයි, මහ බැංකුවේ ඉන්නේ පොඩි ළමයි, මුදල් ලේකම් පොඩි බබෙක් වැරදි ගිණුමකට සල්ලි දාන්න. හැබැයි තමන්ගේ ගිණුමේ සල්ලි වැරදි ඒවට දාන්නේ නැහැ. ආණ්ඩුවේ ගිණුමේ සල්ලි තමයි වැරදි ගිණුමට දාන්නේ.
අද මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් මේ දෙකට හැප්පෙනවා කවුද වැරදි කියලා. හැබැයි දෙන්නගේ අවසාන නිගමනය මොකක්ද? මේ පාඩුව ජනතාවගෙන් පියව ගන්න ඕනේ, ඒ කියන්නේ ඔබෙන්. ඔවුන් වැරදි ගිණුම්වලට සල්ලි දාන්නත් ඔබ ඒකට ගෙවන්නත්.
මට තියෙන සැකය, ඔය කියන හැකර් ඉන්නේ පැලවත්ත කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඔය කියන හැකර් ඉන්නේ ජේවීපී කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ව මර්ධනය කිරීම වහා නවතව්! මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා කියල තර්ජනය කිරීම වහා නවතව්! කුඩු ජාවාරමට සහය දියව්!
මෙයාගෙ හැරවුම් ලක්ෂයෙන් ගියොත් නැවතත් නීතිය, බලය අවභාවිත කරන දිශාවකට තමයි රට හැරෙන්නේ.
වෙන්ඩ රජවරු යුගයකට හැරවුම් ලක්ෂයෙන් හැරි හැරී හැරෙමු!
අනේ පලයන් බන් යන්න. හොරාකාලා මොකේ නැති හින්ෆ්හා පියා දුන්න හොරපත් විමෙන් රටක් හදන්න. හදපු ඵොට්ටුවෙත් නටුවේලිලා. ඉන්ගිරිසි නමක්. දාන්න යනවද පොහොට්ටුව අයින් කරලා. තියෙන සක්කිලි වැඩ සේරමකරලා බුරු නාම්බෝ තුන්දෙනා නාස්ති කරපු මුෆ්හල් කන්දරාව. ඉන්දියාවත් සල්ලි වලට ගන්න තිබුනා මුන්ට නාකිම්ස්යිනා රටේ මුදල් නාස්ති කෙරුවෙ නැත්න්ම් කන පැලෙන්න දෙන්න එකෙක් තවම නැහැ. මම ලන්කාවේ හිටියානම්. ගහනවාමයි. රට විනාඩ කරලා තරුනයින් මරලා තරුනියන් දුදනය කරපු මෝඩ නම්බට තියෙන නඩු. උබ ඒවා කතාකරපන් වටේ ඉන්න ගොන්නු ඉදිරියේ. හිර ගෙදර ඉන්න ඕන එකෙක් මේ ඉදිරි අනාගතය හදන්න. මුන්ගෙ ඇස් ඇරුනේ. දැනුයි. මුනම් කොහොමත් මෝඩ නාම්බා. දැන් මේ රට කරන් යන විදිය හොදයි. උබගෙ මගුලට නාස්ති කරපු නොමිලේ විදුලිය ඒ බිල් ගෙවපන්. ඉගෙනීමක් නැතත් ලොකු වැටුපක් ගත්තානේ. ඉටත් වැඩිය හොරත් කාලා රජයේ ආයතනත් මුන්ගෙ දේපල වගෙ තියන් හිටියේ. දැන් ඒවට වන්දි ගෙවන්නෙ ඒ ආයතන ප්‍රදානින් නාකිමයිනත් එක්කම තුන්දෙනාම. සැත පෙන්න
පට්ට අපි මැරිලා ඉපදිලා ඉන්නේ. හා හා හා.
දැන් ද හැරවුම් ලක්ශේ මතක් වුනේ බේබිට ලන්කාවේ ත් කොල්ලො ඉන්නවා කියලා දැන ගත්තෙ මාලිමාව තරුනයින්ට සලක නැටි දැක්කම. නාකිමයිනා. ගෝටා රජ කරද්දි බුරු පුත්තු තුන්දෙනා විතරයි හිටියේ. ඒකනේ කෝටී දෙක තුනක් එකතුවෙලා. ආපහු. නොඑන්නම හරවලා ඇරියෙ. දැන් කොහෙන් හරි කෑලක් ඇහිදගන මයික් කට්ටක් අල්ලන් තම්බියා කෑගහනවා. මුට කියන්න ඕන නල්ල තම්බී කියලා පව් අප්පා කියන්න. උබලට ගිය කලක්. කොයිතරම් උඩු බිරුවත්. උබට රජ කම අතට නොදෙන්න නාකි මයිනා ඇතුලු උබගෙ පව්ලේ සේරම පාර වහලා තියෙන්නෙ. ඔය නුගත් කිපදෙනෙක් වටේ හිටියට මාලීමා ආන්ඩුව ඉන්නෙ උගත් බුෆ්හ්දිමත් ජනතාවත් සමග. තරුනයින්ට හොරාකාපු මුදල් ටිකක් බෙදපන්. ලෝටෝ එකක් කපුටු. බාප්පිට ඇදුනා. එයා මේ සල්ලි දුන්නෙ කියලා. උබ වගෙ කෙනෙක් ජනාදිපත්වෙනවානම් දරුවන්ට උගන්නලා. වැඩක් නැහැ. මොකද ජොර සහතික. හදා ගන්න කප්පම් ගන්න කුඩු විකුනන්න. සේරම දජරා වැඩ කරන්න හරිම ලේසියි මෝඩයින් සමග
හරෝපු ලක්ශේ හොඳටම ඇති.
අපොයි ..පට්ට හොරෙක් නෙ මේ වෙනසක් කරන්න තටමන්නෙ. හිරේ ඉන්න ඕනෑ එවුන් බොරු පාරම් බාන කොට කාටද බලන් ඉන්න පුලුවන් .
රටේ මිලියන 20ක් ජනතාව ඉන්නවා. එත් මේ රට කාපු, අසාර්ථක දේශපාලුවන්ම තමයි ආයෙත් අපිට හරි වැරැද්ද කියලා දෙන්න තටමන්නේ. මේ අපි තාම මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න මානසික ලෙඩ්ඩු.