පෙත්සමක් විසිකරන්න අල්ලස් ඉල්ලූ කම්කරු ලොක්කා මාට්ටු
හෝටලයක සේවකයන්ට අර්ථසාධක මුදල් නොගෙවන බවට පෙත්සමක් ලැබී තිබෙන බව පවසා එම පෙත්සම ඉවතදැමීම සදහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලූ කම්කරු නිලධාරියෙක් කල්මුනේ මරදමුනේ ප්රදේශයේදී ඊයේ (18) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.