පොලිස් අත්අඩංගුවේදී 24ක් මියගිහින් පොලිස් අත්අඩංගුවේ සිටියදී 2023 වසරේ පුද්ගලයන් 24 ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 03 April 2024
ශක්තිමත් ආර්ථිකයකට තරඟකාරී ආයෝජන ගේනවා රටට හිතකර තරඟකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2024
නිදහස ලැබූ රජීව් ගාන්ධි ඝාතකයන් මෙරටට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ අද (03) දහවල් වෙත පැමිණ තිබුණි . 03 April 2024
රත්තරන් මිලේ පහළ යෑමක් දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) ඉතාම සුළු පහළ යෑමක් ප්‍රදර්ශනය කරන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 03 April 2024
අවුරුදු කාලේ කෝච්චි දුවන්නේ මෙහෙමයි සිංහල සහ දෙමළ අවුරුදු අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා දැනුම් දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2024
ඩොලරය තවත් පහළට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය මාස 10 කට ආසන්න කාලයකට පසුව රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (3) නිවේදනය කළේය. 03 April 2024
දමිතාට - සැමියාට රට යෑම තහනම් කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය. 03 April 2024
කෙහෙලියට අදත් ඇප නෑ බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. 03 April 2024
ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා පස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ. 03 April 2024
නොකිය ගිය සෙබළුන්ට පොදු සමා කාලයක් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 03 April 2024
ළහිරු - නාගමුව - ජිනරතන හිමිට ඇප පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යන සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 03 April 2024
අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය. 03 April 2024
ධීවරයා කිඹුලාට බිලි කොස්ලන්ද මහලන්ද අළුත්වෙල ප්‍රදේශයේ පිහිටි ජලාශයක මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි. 03 April 2024
සාදය මරණයෙන් කෙළවරවෙයි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම ප්‍රදේශයේ නිවස පැවති සාදයක් අතර තුර ඇතිවු ගැටුමකින් 38 හැවිරිදි අයකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමේන්පසු මියගොස් ඇතැයි වනාවිල්ලුව පොලිසිය පැවසිය. 03 April 2024
අලුත් අවුරුද්දට මන්ත්‍රීවරුන්ට දිග නිවාඩුවක් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබාදි ඇත 03 April 2024
විදුලිවැටේ ගැටී පුද්ගලයෙක් මරුට වන අලි පලවා හැරීම සඳහා ගෙවත්තක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් මහියංගණ මාපාකඩ රෝහණ ප්‍රදේශයේ පුද්ගලයකු අද (03) උදෑසන මිය ගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි. 03 April 2024
ගෙදර රණ්ඩුවට තිත තියන්න නව පනතක් ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 03 April 2024
යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දිමට රජය තීරණය කර තිබේ. 03 April 2024
ලොව වයස්ගතම පිරිමියා මියයයි ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 114 ක් බව පැවැසෙයි. 03 April 2024
ලොරි-වෑන් ගැටීමෙන් හතක් රෝහලේ රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් හත් දෙනෙකු තූවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 03 April 2024
පොලිස් සිර මැදිරියෙන් දෙන්නෙක් පැන ගිහින් ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම පලාගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 03 April 2024
තායිවානයට ප්‍රබල භූමි කම්පාවක් රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය කැලැඹිණි. තායිවානය යනු චීනය අයිතිය ඉල්ලන චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි. 03 April 2024
නෞකාවට පටවන්න ගිය වාහනයක් මුහුදට වැටෙයි හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. 03 April 2024
පෙදරේරුවාගේ බෙල්ල කපා මරලා බොරලැස්ගමුව දේවාල මුල්ලේදි පෙදෙරේරුවෙකුගේ ගෙලට මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි. 03 April 2024
මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවති නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ 03 April 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 April 2024
මිහින්තලේ හිමි පොසොන් කමිටුවෙන් නැගිට යයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී අද උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් රැස්වීම් භූමියෙන් නැගිට යාමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහා දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියා කාරිහු සියලු දෙනා රැස්වීම් භූමියෙන් පිටව ගියහ. 02 April 2024
දරුවන් සමග කුස ගින්නේ සිටි දෙදරු පියකුට දිවිය එපා වෙලා තිස්සමහරාම රන්මුදුගම ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කරන්නට ඇතැයි සැක කෙරේ. 02 April 2024
ලංකාව අඩි 50ක් පෙරට තබයි ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ. 02 April 2024
ගැසට් කළ ’’අටක්’’ පාර්ලිමේන්තුවට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නියමයන් ,රෙගුලාසි සහ නියෝග අටක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 April 2024
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026