IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනය නවතියි

(තුෂාර හෙට්ටිආරච්චි)

නිවිතිගල කොළඹගම ප්‍රධාන මාර්ගය දොලොස්වල ප්‍රදේශයේ දී පතල් දෝණාවක් අද (10) උදෑසන කඩා වැටීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මීට මාස හයකට පෙර රජයේ මුදල් කෝටි ගණනක් වැයකර  මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබුණි. 

ප්‍රදේශයේ ජනතාව තම ගමනාගමන කටයුතුවලදී දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිය දී බලධාරින් ට කරුණු පැහැදිලි කර දී විශාල වෙහෙසක් දරා මෙම පාර සංවර්ධනය කර ගත්තද  අනවසර පතල් ජාවාරම්කාරයින් විසින් විනාශ කිරීම දැඩි පිළිකුල් සහගත බව ඔවුහු පවසති.

මේ වන විට මාර්ගය ආසන්නයේ ඉදිකර ඇති ගොඩනැගිලිද ගිලා බැස ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

කොළඹගම ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට නිවිතිගල රත්නපුර ආදී පාසල් දරුවන්ගේ පාසල් ගමනද මේ හේතුවෙන් ඇණහිටි බව දෙමාපියන් පවසයි.

දැනට රත්නපුර සිට කොළඹගම දක්වා පැමිණෙන බස් රථ  දොලොස්වලින් නතර කර කොළඹගම සිට පැමිණෙන බස්රථ දොලොස්වල දක්වා පැමිණ මගීන් මාරු කර ප්‍රවාහන පහසුකම් තාවකාලිකව සකස් කර ඇත.

මාර්ගය හරහා දැව මුක්කු ගසා දෝණා හාරා ඇති අතර විදුලි පහසුකම් ද  ලබා ගෙන අනවසර පතල් ජාවාරම සිදු කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.  මාර්ගයේ කාපට් ඇතිරූ කොටස් දෝනාව තුළට කඩා වැටෙමින් පවතින බව අනාවරණය විය.



අදහස් (1)

දෝණාවක් කඩා වැටී නිවිතිගල කොළඹගම ගමනාගමනය නවතියි

Nilame Tuesday, 10 September 2024 12:29 PM

පතල් සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිළධාරි බලපත්‍ර දීමේදී මාර්ග අනතුරු කිසිවක් බලන්නෙ නැහැ බලපත්‍ර ලාභීන් විරෝධතා ආවොත් කියන්නෙ පාරවත් රජයේ නිසා කෑගහන්න එපා කියලා තමයි ඒක අධිකාරියේ නිළධාරි අනුමත කරනවා මෙහෙම ජාතික අපරාධ කරන මොට්ටයෝ අහනවා පසුගිය අවුරුදු 76 ක කාලයේ මොනවාද කලේ කියලා

:       2       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site