(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල්පති පී. සරත්කුමාර මහතා පැවසීය.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාලක්ෂ 87 ක් පමණ බෙදා අවසන් කර ඇති බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.
තවත් ඡන්ද පත්‍රීකා ලක්ෂ 80 ක් පමණ බෙදා හැරිමට ඇති බවත් ඒවා ලබන 14 වැනිදා වනවිට තැපැල්කරුවන් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.
ලබන 14 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් වෙතොත් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි බවත් තැපැල්පතිවරයා තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් අපිට ලැබුණේ නැහැ... අපේ ග්‍රාම නිලධාරි වසමේ අපි ඉන්නේ ඉතාමත් දුරින් ග්‍රාම නිලධාරි හමුවෙන්න කිලෝමීටරයක් නගරයට ගොස් තව කිලෝමීටර් එකක් බසයේ ගොස් තවත් මීටර් 500 පයිනුත් යන්න වෙනවා. ඔහොම තමයි අපේ බුද්ධිමත් නිලධාරි වසම් වෙන්කර තියෙන්නේ...! ඇත්තටම අපේ ගමේ නමින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය නම්කර තිබුණත් ඒ නමින් ග්‍රාම නිලධාරි වසම නම්කර නැහැ. අපි පාවිච්චියට ගන්නා ලිපිනය ඡන්ද හිමි නාමලේඛන සැකසීමේදී ඇතුළත් කලත් මැතිවරණ දෙපාර්තමේන්තුව එය ප්‍රයෝජනයට ගන්නේම නැහැ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් කරන්නේත් නැහැ... ඉතින් ලිපි බෙදන අයටත් ඉතාමත් අපහසුතා ඇතිවෙනවා... නොලැබුණාම අපිට තැපැල් කාර්‍යාලයට යන්න වෙනවා අපේ මානව හිමිකම් වෙනවා කියලා හිතෙනවා..