
(ගයාන් සූරියආරච්චි)
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඊයේ (8) ඇතිවූ බහින්බස්වීමකදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනකු විසින් කඩුවකින් සහ පොල්ලකින් කළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් එල්ල කළ කඩුපහරින් එක් සහෝදරයකුගේ අතෙහි ඇඟිලි තුනකට සැත්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මාස කීපයක් සිට ඉදිකිරීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ අතර ඊයේ (8) නැවත දෙපිරිස අතර ආරවුලක් හටගෙන තිබුණි. එහිදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් විසින් පැමිණිකාර පාර්ශවයේ සහෝදරයන් දෙදෙනකුට කඩුවකින් සහ පොල්ලකින් පහරදී තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
හික්කඩුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර පාර්ශවයේ මව, පියා සහ පුතාද බලපිටිය රෝහලට ඇතුළත්වී ඇති බව පොලිසිය කියයි.
කඩුවෙන් කොටා පහරදුන් බව කියන තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එම්.කේ.සී. තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් ආරවුලෙන් අයිය මලෝ රෝහලේ