වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බෝතලයකින් ඇනලා
යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව ප්රදේශයේ අද(21) වැටලීමකට ගිය වැලිකන්ද පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බෝතලයකින් ඇනීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.