
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවය හරහා නිදහස් කළ පාර්සලයක තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වු බව අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ශමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර ඇති බව කී සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවද සඳහන් කළේය.
(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර පොරක්නේ... නියම රටේ නියම නගරයේ ඉඳලා කුඩු එවලා තියෙන්නේ... ඔය විදුලි උපකරණය හඬන යන්ත්‍රයක් වගේ මට නම් හිතෙන්නේ...!
කුඩු, බඩු ගෙනත් අහුවෙන හැම එකාම තුන්කාලෙ සෙට් එකේ ගෝතයෙක්මයි... කරුණාකර ඔවුන්ගේ නම් සහ ආගම් හෙළි කරන්න
කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස්, ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු අද අළුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙකි. මොහු දෙවරක් විදේශ ගත වී ඇති අතර, අවසන් වශයෙන් ඔහු සිය පියා සමග ඉන්දියාවේ චෙන්නායි නුවර වාසය කර තිබේ. මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස්, ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අද අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරණ ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබේ. මෙම තරුණයා එම අවස්ථාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .