
(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ඉන්දීය ජාතික ගුවන් මගියෙකි . මොහු ගුවන් මගින් විවිධ ඖෂධ වර්ග මේ ආකාරයට රැගෙන විත් , රට පුරා පිහිටි පෞද්ගලික ඔසු සැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටින පුද්ගලයෙකි .
මොහු ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (11) දින අලුයම 04.30 ට පැමිණ තිබුණි .
මෙම පුද්ගලයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව මෙම ඖෂධ තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි .
ඖෂධ අතර පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදා ගන්නා එන්නත් , කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධ සහ කාන්තාවන්ගේ සම සුදු පැහැ ගැන්වීම භාවිතා කරන ආලේපන ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් මොහු සිය ගමන් මලු තුළ සගවා ගෙන තිබුණි
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර , මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ තොගය රාජසන්තක කර , මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.