අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස්
පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.