වෛද්‍යවරුන්ට ඉහළ දැමූ 35,000ක දීමනාව අත්හිටුවයි මෙම ජනවාරි මස සිට වෛද්‍යවරුන්ට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 23 January 2024
ලවණ බාධකයට කතානායක දෙහි කපයි මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතු වී මහා ජාතික අපරාධයක් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 January 2024
සජබ අලුත් ජාවාරමක් පටන් අරගෙන සමගි ජන බලවේගය බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණ වලට ගෙන්වන ජාවාරමක් පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 23 January 2024
මිදිගමදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේදී කාර් රථයක් ගැටී රථයේ සිටි දේශීය මඟ පෙන්වන්නා සහ විදේශීය සංචාරකයෙක් රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය. 23 January 2024
අ’පුර රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින් ඇද ගෙන යන අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ. 23 January 2024
නිවාස ඔප්පු වැඩසටහන කැබිනට් අනුමැතියට නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 23 January 2024
ලවණ බාධකයට නිවැරදි කරන්නැයි මාතර ගොවීහු පෙළ ගැසෙති නිල්වලා ගග හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය. 23 January 2024
ඔන්ලයින් පනතට හසුවන දේවල් මෙන්න ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්,අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2024
ලක්ෂ 30 ක මත්ද්‍රව්‍ය සමඟ තවත් ජාවාරමෙක් මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිට .මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’’පෑලියගොඩ කලණ ’’නැමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ’’ ’’බොරලැස්ගමුවේ බෙන්සි’’ නැමැත්තා රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 23 January 2024
ඉඩම් ආරවුලට හිමි නම මරා දමයි මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 23 January 2024
’සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ඔන්ලයින්’ පනතට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. 23 January 2024
විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැදට තල්ලු වෙයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය. 23 January 2024
ඔන්ලයින් පනත විවාදයට කැමති අය ඡන්දය දිනයි ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය වැඩි ඡන්ද 33කින් ජයග්‍රහණය කළේය. 23 January 2024
ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ6ක් අල්ලයි යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 January 2024
පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද නැද්ද යන කාරණය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක් ප්‍රකාශයට පත් කළේය. 23 January 2024
සී.සී.ටී.වී. කැමරා රථවාහන වැරදි 125 ක් හදුනාගෙන සී.සී.ටී.වී. කැමරා හරහා රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ඊයේ දිනය තුළ කොළඹ අවට නිරීක්ෂණයෙන් රථවාහන වැරදි 125 ක් හදුනාගත් බවත් එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බවත් පොලිස් මුලස්ථානය පැවසීය. 23 January 2024
ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ඒ, පාර්මේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙද්දීය. 23 January 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය. 23 January 2024
චීනයේ භූමි කම්පාව ඉන්දියාවට දැනිලා චීනයේ සිංජියැං පළාත ඊයේ (22) සවස රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්රබලක්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැනුණු බවත්, නවදිල්ලි අගනුවර ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බවත් වාර්තා වේ. 23 January 2024
විදුලි බල ඇමතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය. 23 January 2024
අලුත් ක්‍රමයකට පොල් පැළ හදයි පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය. 23 January 2024
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීය. 23 January 2024
ජනපති අද එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 11ක විදෙස් සංචාරයකින් අනතුරුව අද (23) දිවයිනට පැමිණෙයි. 23 January 2024
සවස් කාලයේදී තැනින් තැන වැසි සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 January 2024
’යුක්තිය’තවත් 955ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ට සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 23 January 2024
හරක් කටා සමග සබඳතා පැවැත් වූ අයෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කට සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයකු ඊයේ 22 වැල්ලම්පිටියහල් මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 23 January 2024
මෙම මස සිට තවත් පිරිසකට දීමනාවක් ‘සමෘද්ධි’ ප්රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146 කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 23 January 2024
දිනේෂ් ෂාෆ්ටර්ගේ සිම් පතට ලැබුණු නියෝගය ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා සඳහන් කළේය. 22 January 2024
ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණය අධිකරණය ඉල්ලයි සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසින්හ අද නියෝග කළේය. 22 January 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025