(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදේශීය රටක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන බව කියන පුද්ගලයකු බලපත්‍ර රහිත ගිනි අවි තුනක් (3) සහ ජීව උණ්ඩ දෙසිය තිස්පහක් (235) සන්තකයේ තබාගන තිබිය දී අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි .
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් උල්හිටියාව ප්‍රදේශයේ නිවසක් සෝදිසියට ලක් කර මෙම සැකකරු සහ දේපළ පොලිස් බාරයට ගෙන ඇත මෙම සැකකරු හතළිස් දෙහැවිරිදි පුද්ගලයෙකි
අත්අඩංගුවට ගැනුණු සැකකරු දිගු කලක් තිස්සේ විදෙස් රටක ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි .
ගිනි අවි ළඟ තබා ගැනීමට අදාළ කිසිදු බලපත්‍රයක් නොමැතිව සැකකරු සන්තකයේ තබාගෙන සිටි බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ෂොට් ගන් වර්ගයේ ගිනි අවි 02 ක් සහ මිලි මීටර 08 බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල අවියක්ද බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 104 ක්, මිලි මීටර 08 පුහුණු උණ්ඩ 131ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත .
ඉන් එක් බෝර 12 ගිනි අවියක් සහ පිස්තෝල අවිය විදෙස් රටක නිෂ්පාදන අවි වන අතර අනෙක් බෝර 12 අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක්්බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත
මෙම සැකකරු ගිනි අවි හා උණ්ඩ ලබාගත් ආකාරය අනාවරණය කර ගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම ට කටයුතු කරන බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය
අත් අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන බවද අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කීය.
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි 3ක් සමග අයෙක් අත්අඩංගුවට
m. saman perera Sunday, 15 September 2024 12:02 PM
පුළුවන් ශ්‍රී ලංකා... රට ඇතුළට මේවා අරගෙන ආවේ කොහොමද?