
(අංජුල මහික වීරරත්න)
මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ මෙම තහනම ඉවත් කිරීම ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
රට එක සැරේට ම පොහොසත් වුණු හැටි.. මෙහෙමත් ඡන්ද හිඟා කෑමක්...
කවුද කියන්නේ ලංකාවේ මෝටර් රථ ආනයනය තහනම් කරලා තිබුණා කියලා..? සාමාන්‍ය ජනතාව පරිහරණය කරන ඇල්ටෝ, වැගන් ආර්, විට්ස් වැනි කුඩා වාහන පමණක් ආනයනය තහනම් කර තිබුණු එක ඇත්තයි... BMW වැනි සුඛෝපබෝගී වාහන නම්, ලංකාවේ ඕනෑතරම් ආනයනය කළා.. ඒවා කෝටිගණන් වලට මිලදී ගන්නත් මේ රටේ කළු සල්ලි කාරයෝ සැදී පැහැදී සිටියා... රටේ පල් මෝඩයෝ මේ වගේ අපිව නම් මේ ප්‍රලාප වලින් තම්බන්න බැහැ. මොනවා වුණත් මම පෞද්ගලිකව කැමැතියි.. වාහන ආනයනය නවත්වනවාට... මොකද මේ රටේ අමනයින්ට රථ වාහන ගැලපෙන්නේ නැහැ... ඔවුන්ට මහමාර්ගයක වාහන පදවන්න දන්නේ නැහැ... මොවුන්ට ගැලපෙන්නේ, ඉන්දියන් චැසි මත දිවෙන කබල් බස් රථ හා ඉන්දියාවේ පාවිච්චි කොට, ඉවතලන, අබලන් වුණු දුම්රිය කට්ටල පමණයි. එහෙම නැත්නම්, කරත්ත දැක්කීමයි.
ඔබලා හිතුවද අපි පුස් නාම්බෝ කියලා. එහෙම අය තමයි නුඹලාට මේ සැරේ කතිරෙ ගහන්නේ... මේ ඡන්දයෙන් බලන්න පුළුවන් එකම දෙයයි. ලංකාවේ ඉන්න අට පාස් අය කී දෙනෙක් ඉන්නවද කියලා විතරයි.
මම නම්කියන්නේ 1948 සුද්දා අපිට නිදහස දුන්නේ එක සහ සර්වජන ඡන්ද බලය දුන්නාා ඉක්මන් වැඩියි කියලා
අලුත් වාහන ගෙන්වන්න බැරි නම් තිබෙන ඒවා හදාගෙන පදින්න අමතර කොටස් වලට ගහන බද්ද 50% පමණ අඩු කරන්න තිබුන , අවම වශයෙන් කරදරයක් නැතිව රියදුරු බලපත් කාර්ඩ් එක ගන්න ක්‍රමයක් සලසන්න තිබුන , පසුගිය අවරුදු 2 තුල , එහෙම කිසිම දෙයක් නොකර පුළුවන් , පුළුවන් කියමින් සාක්කු දෙකේ අත්දෙක දමාගෙන බොරු පොරොන්දු දුන්නට අපි චන්දෙ දෙන්නේ නැහැ ,
ඉස්සරවෙලාම පුළුවන් ලංකාවේ වේගා සමාගමේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක බදු වලින් නිදහස් කරන්න.... එහෙම කළාම දැනට ලක්ෂ 20 එම වාහනය ලක්ෂ 12 කට පමණ පාරිභෝගිකයාට දෙන්න පුළුවන්... මේක කරන්න විදේශ විනිමය අවශ්‍ය වන්නේ නැහැ... කරනවා නම් රනිල්ට හෙට ගැසට් එක ගහන්න පුළුවන්.. ලබන අව්රුද්දේ වාහන පිටරටින් ගෙන්වන බොරු පොරොන්දුවලට අපි අහුවෙන්නේ නැහැ.. ගෙන්නුවත් ඒවා ගන්න අපට සල්ලිත් නැහැ. රියදුරු බලපත් කාර්ඩ් පිටරටින් ගෙන්වන එක ප්‍රමාද නම් පුළුවන් ගැසට් එකක් ගහලා දැනට තිබෙන බලපත්‍රවල කල සිමා වසර 2 දක්වා දිගු කරන්න, එහෙම නොමැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කඳවල ඕක ලංකාවේ සමාගමක් හරහා හෝ රජයේ මුද්‍රණාලයේම මුද්‍රණය කරන්න. පසුගිය වසර දෙකේ මේවා මුකුත්ම නොකර ඉඳලා මිනිස්සු නිකරුනේ පාස්පෝර්ට්, රියදුරු බලපත් පෝලිම්වල දුක් විඳින්න සලස්වලා දැන් එනවා පුළුවන් කිව්ව පලියට අපි ඡන්දේ දෙන්නේ නැහැ...