වේත්‍රධාරිට මැතිසබයෙන් උපහාරයක් ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට උපහාර පිදීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ පැවැත්විණ. 24 January 2024
හිමි නම ඝාතනයේ තොරතුරු වැළක් එළියට මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දි හිමිනමකට වෙඩි තැබීමට නාදුනන පුද්ගලයන් ආ බව කියන මෝටර් රථය එකලැස්කර තැනූ එකක් බවට රස පරීක්ෂක නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කඩුවෙල පොලිසිය කියයි. 24 January 2024
ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ජය ලබයි දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (24) සහභාගි වූ දෙවැනි තරගයේදී ලකුණු 77 කින් නැමීබියා යොවුන් පිල පරාජය කිරීමට සමත් විය. 24 January 2024
යුක්රේන සිරකරුවන් රැගෙන ගිය රුසියානු යානයක් කඩා වැටෙයි යුක් රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු අද(24) ප්‍රකාශ කළහ. 24 January 2024
අලවතුගොඩ සමන්දේවාලයට සීල් තියයි අලවතුගොඩ සමන් දේවාලයට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ 24 January 2024
ඔන්ලයින් පනත සම්මතයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය. 24 January 2024
ඔන්ලයින් පනත’ නියාමනයට නොව මර්දනයට ගෙනාපු එකක් සමාජ මාධ්‍ය නියාමන පනත නියාමනය සඳහා ගෙන ආ පනතක් නොව මර්දනය සඳහා ගෙන ආ පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 January 2024
නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති ධූරයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර තිබේ. 24 January 2024
දූෂණ වංචා රැසකට ආණ්ඩුව නිහඬයි සීනි බදු වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 January 2024
මහ බැංකුවේ නිර්දේශ බැංකු අහන්නේ නැත්තේ ඇයි? බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකු වලට නිර්දේශ කර තිබිය දී බැංකු එම නිර්දේශ පිළිිපදින්නේ නැත්තේ මන්දැයි හිටපු මුදල් අමාත්‍ය එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. 24 January 2024
විගණන වාර්තාවෙන් ලංගමය ගැන හෙළි වූ දේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත් වැඩියාව සඳහා ලබා දුන් කෝටි 277ක් වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වේ. 24 January 2024
හොර බෙහෙත් සිද්ධියේ සැකකරුවන්ට ඇප දීම ගැන තීරණය කල් යයි ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ’’ ඉමුනොග්ලොබින් ’’නිෂ්පාදන බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන්ට ඇප දීම සමබන්ධයෙන් පෙබරවාරි 01 සලකා බලන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද නියම කළාය. 24 January 2024
මං ද්විත්ව පුරවැසියෙක් නොවේ තමා ද්විත්ව පුරවැසියකු නොවේ යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් පැවසීය. 24 January 2024
දේශිය බිත්තරයක මිල රුපියල් 3කින් ඉහළට වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ. 24 January 2024
පොලීසියේ ලොක්කෙක් යැයි පවසා කප්පම් අරන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් බවට වාර්තා ලැබී ඇති බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 24 January 2024
බුදු දහමට නිගා කළ විමල බුද්ධි යළි රිමාන්ඩ් ස්වාමීන් වහන්සේ නමක්ව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සැකයට අත්අඩංගුවට ගෙන ඇප නියම ව යළි රක්ෂිත බන්ධනාගාර ගත වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ සැකකරු ලබන 29වන දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (24)නියෝග කළේය. 24 January 2024
පනත් 4කට කතානායක සහතිකය පසුගිය දිනවල සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 24 January 2024
යුද හමුදාපතිගෙන් ගුවන් කරනමක් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පිම්මක් පැන්නේය. 24 January 2024
වාලම්පුරියක් විකුණන්න ගිහින් එස් ටී එෆ් දැලේ මිල කළ නොහැකි වාලම්පූරියක් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු වාකරේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනු ලැබ ඇත. 24 January 2024
මගේ ගෙදර රත්තරන් අශ්වයෝ නැහැ තමාගේ ලොකු දුවගේ ගෙදර රත්රන් අශ්වයන් සිටියා යැයි කියන කතාව බොරුවක් බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 January 2024
අලුත් දෙළුම් ප්‍රබේද දෙකක් එයි ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද දෙකක් වන ’’මලී PINK’’ සහ ’’ලංකා RED’’ නමින් අද(24) සිට වගාව සඳහා හඳුන්වා දුන්නේය. 24 January 2024
රිය අනතුර 5 ක් රෝහලට යවයි මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම මැද එළිය ප්‍රදේශයේදී අද(24) දහවල් වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. 24 January 2024
ලංකාව කරන්නේ ලෝකෙ අනිත් රටවල් කරන දේමයි ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරන්නේ ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාවලියම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 January 2024
ඔන්ලයින් පනත’ට අදත් විරෝධය පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන ‘ඔන්ලයින් පනත’ට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිය සමිති නියෝජිතයෝ එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීය. 24 January 2024
රත්තරං නම වැටුණ හැටි කියයි තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 January 2024
බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ මහ මොළකරු අල්ලයි බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 24 January 2024
සමාජ මාධ්‍යය නිදහසක් අනවශ්‍යයි මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 24 January 2024
අරුවක්කාලුවේ වැඩ මාර්තුවේ අවසන් අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 January 2024
සරම්ප රෝගීන් වැඩිවෙලා මහා බ්‍රිතාන්‍යයේත් සෙසු යුරෝපා රටවලත්, සරම්ප රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 24 January 2024
ඔන්ලයින් පනතට ජාත්‍යන්තරයත් විරුද්ධයි සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 January 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025