
(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.
ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය.
මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.