(ගයාන් සූරියආරච්චි)

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක් වන මීරිගම ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන හිමිනමක බව පොලිසිය පවසයි.

මෙම හිමිනම නුවර සිට කුලියාපිටිය කඳානෙගෙදර පොලිස් වසමේ පිහිටි විහාරස්ථානය කරා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයෙ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම හිමිනමගේ රියැදුරු එදින කිසියම් රාජකාරියක් සදහා යාම හේතුවෙන් එම හිමිනම මෝටර් රථය පදවා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කුරුණෑගල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ උපදෙස් පරිදි කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.එම්.ඩී.සී. කොබ්බෑවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.