සීදූවේ හොර බෙහෙත් ආයතනය පරීක්ෂාවට සීදුව , අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ ’’ ඉමුනොග්ලොබින් ’’නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් අද දහවල් පස්වරුවේ පරීක්ෂා කිරීමකට ලක් කරනු ලැබූහ . 22 January 2024
බෙලිඅත්තේ ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 6ක් බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 January 2024
සියයට 91කට සරම්ප එන්නත දී අවසන් මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 22 January 2024
වැඩබලන ආරක්ෂක ලේකම් සමන් දිසානායක ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතා වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ. සමන් දිසානායක අද (22) සිට එම ධූරයේ කටයුතු කරයි. 22 January 2024
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් රිමාන්ඩ් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකුගෙන් (කසිප්පු මුදලාලිගෙන්) රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය. 22 January 2024
සමන් පෙරේරාගේ කුරුණෑගල නිවස පොලිසියේ දැඩි පරීක්ෂාවට බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ කළ වෙඩි තැබීමෙන් ඝාතනය වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් පස්වරුවේ පරීක්ෂා කළේය. 22 January 2024
වීසා නැතුව රට පනින්න ගිය සර්පයා බැංකොක් සිට පුකට් වෙත පියාසර කරමින් තිබූ තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක සර්පයකු ඇදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. 22 January 2024
යුක්තිය මෙහෙයුමට තව 910ක් මාට්ටු යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (21) සහ අද (22) දිනට ගතවූ පැය 24 ට සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 910 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 22 January 2024
රථවාහන වැරදි ගැන සොයන්න තෙවන ඇහැ බල ගන්වයි කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන වැරැදිකරුවන්ට නිවෙසටම දඩ පත් යැවීමේ ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සී.සී.ටී.වී මෙහෙයුම් කොට්ඨාසයේදී ආරම්භ කෙරිණි. 22 January 2024
ඔන්ලයින් පනතට මැතිසබා කමිටුවේ අනුමැතිය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී ඇත. 22 January 2024
උද්ධමනය තවත් ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාස මෙරට උද්ධමනය සියයට 4.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (22) නිවේදනය කළේය. 22 January 2024
නව වේත්‍රධාරී කුෂාන් ජයරත්න නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා නව වේත්‍රධාරිවරයා වශයෙන් පත්කිරීමට නියමිතය. 22 January 2024
රාම් දෙවොල විවෘත කෙරේ උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි. 22 January 2024
එජාපය කථිකයන් පුහුණු කරයි රනිල් වික්‍රමසිංහ නම් දොස්තරගේ බෙහෙත් නිසා ශ්‍රී ලංකාව නම් අසාධ්‍ය රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ටිකට් කපාගෙන ගෙදර ඇවිත් දැන් සුවයෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවසීය. 22 January 2024
‘වැට්’ බදු නැති භාණ්ඩවල වෙළෙඳසැල් ජාලයක් ‘වැට්’ බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් රටපුරා ස්ථාපිත කිරීමට බලාපොරාත්තු වන බව හිටපු වෙළෙඳ අමාත්‍ය මෙන්ම වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 January 2024
ආයුර්වේද වෛද්‍යවරු පාර අවහිර කරති වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාවක ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22) දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන - පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිවිය. 22 January 2024
සා.පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2023(2024)) සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් හෙට (23) සිට ලබන පෙබරවාරි මස 15 වැනිදා දක්වා කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි. 22 January 2024
‘රකිමු පණ මෙන් හස්ති නිජ බිම්’ ආණ්ඩුවට දශක 3 ක් තිස්සේ විසඳාගත නොහැකි අලි - මිනිස් ගැටුම විසදන්න ජාත්‍යන්තර සහය ගැනීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (22) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය. 22 January 2024
අපි IMF එකට බයේ හැංගුනේ නැහැ ජනතාව ඉදිරියේ කයිවාරු ගසන දේශපාලන පක්ෂ මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ සමගි ජනබලවේගය බයේ හැංගුනේ නැති බවත් එම ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරන බව ඔවුන් හමුවේ සෘජුව ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 22 January 2024
දොස්තර ක්රිශාන්තට ඇප කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (22) නියෝග කළේය. 22 January 2024
කිරළව පාළම සකසන්නැයි විරෝධතාවක් දැනට මාස දෙකක පමණ කාලයක සිට ආපදාවට ලක්ව ඇති කැකිරාව හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන කිරළව පාලම පිළිසකර කර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් එම පාලම මත විරෝධතාවයක නිරතව සිටීති. 22 January 2024
රජය වෘත්තීය සමිතිය එක්ක හැප්පෙන්න හොඳ නෑ රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 22 January 2024
වන අලි ගැටලුවට විසඳුම් සොයා ගොවිහූ පාරට බසිති වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා රජයට බලපෑම් කළ විරෝධතා පා ගමනක් හා උද්ඝෝෂණයක් අද(22) මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 22 January 2024
හිටපු ජනාධිපති දියණියගේ නිවසට හොරු පැනලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල ,වික්‍රමසිංහ පුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි 22 January 2024
අයියා මල්ලිට කතුරෙන් ඇනලා බොරැල්ල සර්පන් ටයින් පාරේ නිවසකදී වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට කතුරකින් ඇණ ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි 22 January 2024
ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සැක මහාචාර්යවරයා මරුට ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සකසහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය කියයි . 22 January 2024
’’ඔන්ලයින් පනත’’ හෙට අනිද්දා විවාදයට සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (online safety bill) පාර්ලිමේන්තුවේදී හෙට (23) සහ අනිද්දා (24) විවාදයට ගැනීමට නියමිතය. 22 January 2024
ඔන්ලයින් පනතට ඒකාබද්ධ විරෝධයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ’ඔන්ලයින්’ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 22 January 2024
කුඩු සළිදුගේ බැංකු ගිණුම් 48ක කෝටි 106 ක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුරේ සළිදු හෙවත් කුඩු සළිදු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවත් වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 106 ක් එම ගිණුම්වල සංසරණය වී ඇතිබවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය. 22 January 2024
එළවලු මිල පහළට පසු ගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති. 22 January 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025