(විමුක්ති එස් රුද්‍රිගු)
"ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්" ආයතනය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද අද උත්සවාකාරයෙන් විවෘත විය.
එදිනම ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.timesschool.lk වෙබ් අඩවිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් එළිදැක්වූවේය.
ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් වන විජය පුවත්පත් සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ආරම්භ වන ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යායතනයේ පාඨමාලා වර්තමාන ඉල්ලුමට සහ ජාත්‍යාන්තර තත්වයට ගැලපෙන පරිදි නිර්මාණය වී ඇති අතර දැරිය හැකි ගාස්තු ක්‍රමයක් යටතේ සියලු පාඨමාලා හැදෑරීමට එම ආයතනය මෙරට සිසුන්ට අවස්ථාව ලබාදී ඇත.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත්වී නොමැති සිසුන්ට උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා ඇතුළු වීමට පදනම් පාඨමාලාවක් හඳුන්වා දීමටද ටයිම්ස් උසස් අධ්‍යපාන ආයතනය කටයුතු කර ඇත. එසේම මෙරට සිසුන් වෙනුවෙන් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ඩිජිටල් ඇකඩමියක්ද අද ආරම්භ කළේය.
හෙද, මනෝ විද්‍යාව, නීතිය, තොරතුරු තාක්ෂණය, රොබෝ තාක්ෂණය, සයිබර් ආරක්ෂාව, ආගන්තුක සත්කාරක කළමනාකරණය ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් යටතේ සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමටත් උපාධි පාඨමාලා හදාරන සිසුන් සඳහා අවසන් වසර හැදෑරීමට විදේශගත වීමටත් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය අවස්ථාව ලබාදී ඇත.
ඒ සඳහා ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ඇමෙරිකාවේ කරිස්මා විශ්ව විද්‍යාලය, කින්ග් මොන්ග්කුට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලය, ට්‍රේනෝකේට් ආයතනය ඇතුළු විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රැසක් සමඟ ගිවිසුම්ගත වී ඇත.
ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් වජයවර්ධන, විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමණාකරණ අධ්‍යක්ෂක සුජාන් විජයවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
එසේම ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ගිවිසුම් ගතවී ඇති විශ්ව විද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරු කීපදෙනෙකුද රාජතාන්ත්‍රික නිලධාරීහු රැසක්ද එම උත්සව අවස්ථාවට එක් වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි සහ ඉසුරු පෙරේරා)
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ