
(ගයාන් සූරිය ආරච්චි)
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ජි.ඩබ්. සමන්ත කුමාර නෙහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇත.
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ සිරමැදිරියක් තුල හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.
එහිදී වෙලේසුදා රඳවා තබාගෙන සිටින සිරමැදිරිය පිටුපස සඟවා තිබියදී සිම්පත් රහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දී ඇත.
COMMENTS
ඕවා නිකම් විහිළු කතා. ඕවා ඔක්කෝම දම්වැල් පුරුකක් සේ එකට බෙදිලා ඉන්නේ. බන්ධනාගාරයේ සියලු දෙනාගේ අනුග්‍රහයෙන් තමයි සිදුවන්නේ...!
හරි පව්නේ. ජේර්ල මුකුත්ම දන්නෑ. ඒ ගොල්ලන්ට බනින්න එපා. ඒ අය ඉතාම අවංකවම අකුරටම රාජකාරිය පැහැර හරින අය...!
දුරකථන භාවිත කරමින් හිරේ ඉඳන් දුරකථන මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. දහස් ගණන් ජීවිත විනාශ කරනවා. මොවුන්ට උසාවියෙන් නියමවෙලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක නොකර, තවදුරටත් කන්න බොන්න දෙමින් තබාගන්න එකේ තේරුමක් තිබෙනවාද..?
ඒකව මරලා දාන්න බැරි ඇයි. මරණ දඩුවම ක්‍රියාත්මක කරානම් මු ම් මේ කරන ජාවරම් නැත්තටම නැතිවෙනවා. හරිනම් පවුල් පිටිං මරන්න ඕන නැත්තම් ඡන්ද අයිතිය නැති කරන්න ඕන.