
(ජේ.ඉඳුරුවගේ)
දැනට වසර 109 කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට වසර 110කට පමණ පසු ජනාධිපති සමාව ලබා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(12)නිකුත් කෙරිණි .
එවකට ලංකාවේ ආන්ඩුකාරවරයා වූ රොබර්ට් චාමර්ස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කළ ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 දින නීති විරෝධී ලෙස මරණයට පත් කළේය. දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති පිරිනමන බව මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
1888 අගෝස්තු 16 දින ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකුද විය.
බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර තිබුණි. මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය.

COMMENTS
ඇති යන්තම්. රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් යන්න කලින්. විසඳුවා. නිකම් ලොකූ නින්දක ඉඳලා ඇහැරලා වගේ පේන්නේ මට විතරද? දැන් හෙන්ද්‍රි පේද්‍රිස් විරුවගේ පවුලේ සියලු ඡන්ද ටික හම්බ වෙයිද?
තැන්කූ හොඳේ. ඡන්දෙත් ඔයාට දෙන්න තිබ්බා ජීවත් වෙලා උන්නා නම්...!
රනිල්ට කරන්න වැඩක් ඇත්තෙම නැද්ද?
ඔය ජනපතිට බැරිද සමාවත් දීලා, ජීවිතෙත් දෙන්න. එතකොට තමයි දෙන දේට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ... අනික, මුළු යටත් විජිත ඉතිහාසයටම හෙන්රි පේද්‍රිස් විතරද අසාධාරණ නඩු තීන්දු වලින් මරා දැමුනේ...?
ගෙදර යන්න කලියෙන්, 88-89 භීෂණ යුගයේ "රාජ්‍ය ත්‍රස්තවාදය, ගෝනි බිල්ලන්, නිල නොලත් ආයුධ සහිත රාජ්‍ය හමුදාවන්" මගින් කිසිම නඩුවක් නොමැතිව මරා දැමුණු 60 දාහකට අධික තරුණ ජීවිතවලටත් ජනපති සමාව දීලා, වන්දිත් දෙන්න...
ආ! මම හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන්ට කියලා
මෑත ඉතිහාසයේ බාල බෙහෙත් වලින් මරා දැමුණු අසරණ රෝගීන්ටත් ජනපති සමාව දීලා, වගකිව යුත්තන්ගෙන් වන්දිත් අයකරලා දෙන්න.
ඇතියන්තං බේරුවා...
සුදු ලෝගු කළු පටි උසාවි යයිද දන්නේ නෑ.. මේකට විරුද්ධව...
අපිට අහවල් තැනින් හිනා යන්නට සලස්වා දෙමින් මෙවැනි හදිසි අත්‍යාවශ්‍ය කරුණු ලහිලහියේ ඉටු කරන ජනපතිතුමාගේ මොළේ තමයි මොළේ...
ඇති යන්තම්….. රනිල් වික්‍රමසිංහ රටේ දැවෙන ප්‍රශ්ණයක් විසදුවා….
ඒක හොඳයි .මේක සෑහෙන්න දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුනේ ජනවැසියන්ට .මෙයා හිටියොත් කෙහෙලියටත් ඕක දීලා තමයි නවතින්නේ
සිලින්ඩර් මුත්තාගේ විහිළු වල සීමාවක් නැහැ වගේ, හෙන්ද්‍රි පේද්‍රිස් මැතිතුමා කවදාද දන්නේ නැහැ මෙයාගෙන් සමාව ඉල්ලුවේ.
උඩ කොමන්ට්ස් ගැන පුදුම වෙන්නේ නෑ. හමුදාවෙන් අස් වුනේ නැත්නම් පවුල්වල අයව මරනවා කියලා පස්සේ එහෙම කරපු අයට කොහේද දේශප්‍රේමයක්...?
හොඳ වැඩක්... මම හිතුවේ මේ වීරයා මොනරවිල කැප්පෙටිපොළ තුමා කියලා...
මේ මෝඩ පිස්සු විකාර වැඩ කරන්නේ ඇයි කියලා දන්නවද? ප්‍රේදීස් මහතා අයත් වන එක්තරා ඉතා ධනවත් ජන කණ්ඩායමක ඡන්දෙ මෙතුමාට ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔය කවුරු හරි කේවට්ට උපදේශකයෙක් කියලා තියෙන නිසා...!
ඡන්දේ ළංවෙන කොට මොලේ විකාර වෙලා? මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා? මහ බැන්කු බැඳුම්කර හොරාකාලා රට පැන්න අර්ජුන මහේන්ද්‍රන්ටත් සමාව දීලා ඇති...!
සමාව දෙන්න නොවේ ඕන නිදොස් කොට නිදහස් කිරීම... සමාව දෙන්නේ වරදක් කළ අයට...!
රටට හරි සේවයක් කළ කෙනෙකුට ඔය මරණෙන් පසුව හරි ජනාධිපති සමාවකින් නිදහස් කළාමද කොහේද? නැතිනම් නිදහස් කළේම කුඩුකාරයෝ.., කාලකණ්ණි දේශපාලකයෝ වෙනුවෙන් කඩේ ගියා වුණා විතරයි..!
සමාව දීමට වඩා එතුමා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ජාතික වීරයෙක් හැටියට නම්කළ යුතුයි. සමාව දුන්නා කියන්නේ වරදක් කළා කියලා පේනවා වගේ නේද?