
(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.
මේ අනුව සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ(12) වැනි දා පැක්ස් මඟින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සනින් යුතුව ත්‍රිකුණාමල දිසා විනිසුරවරයා වෙත ඒවා තිබේ. විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව කොමිසමට කැඳවූ දිසා විනිසුරුවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරව මෙසේ සේවය අත්හිටුවනු ලැබ තිබේ.
මේ අතර දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.පයාස් රසාක් මහතා තාවකාලිකව ඊයේ (12)වැනි දා සිට පත් කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කරනු ලැබීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.