නැවතුන නිවාස ව්‍යාපෘති අරඹන්න කැබිනට් පත්‍රිකාවක්
කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.