දිස්ත්‍රික්ක කිහිපයකට සවස වැසි කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 March 2024
ඉන්ධන බෙදුම්කරුවෝ සටනකට සූදානම් වෙති ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. 02 March 2024
බස්නාහිර පළාත් වාර විභාගය අත්හිටුවයි බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 02 March 2024
බැකෝව සමග දෙකක් පස් කණ්ඩියට යට වෙයි බලංගොඩ හපුගහකුඹුර ප්‍රාදේශයේ ගෙවත්තක පස් කපමින් සිටි බැකෝ යන්ත්‍රයක් මතට ඉහල සිට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු සහ ඔහුට සහය වෙමින් සිටි පුද්ගලයකු අද දහවල් ඊට යට වි බරපතල තුවාල ලබා සිටිදි ගම්වාසීන් බෙරාගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි. 02 March 2024
හානි වූ කුඹුරුවලට වන්දි ඉල්ලා විරෝධයක් ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ. 02 March 2024
වාරියපොළ සුමංගල හිමි සැමරේ වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන් ගේ 209 වන ගුණ සැමරීම අද (02) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැළකෙන වාරියපොල දී සිදුකෙරිණ. 02 March 2024
කඩ කෑම මිල ඉහළට ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. 02 March 2024
සමන් රත්නායක රිමාන්ඩ් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 02 March 2024
පාතාලකරුවෝ කීප දෙනෙක් පිටරටදී කොටු මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය 02 March 2024
පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. 02 March 2024
’’මෛත්‍රීට වෙච්ච දේ හොඳයි’’ නිල නිවස අහිමිවීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේ හොඳ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය 02 March 2024
පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති 1000ක් මාට්ටු පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2024
’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’ ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 02 March 2024
කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත. 02 March 2024
ශ්‍රී ලංකා නව සන්ධානය ලබන සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය 02 March 2024
පී.එච්.අයිට වෙඩි තිබ්බේ වැරදිලාද? මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලී ප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 02 March 2024
ඇත් දළක් සමග අයෙක් වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවකින් කපා සඟවාගෙන සිටි අම්බලන්තොට නරියාය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2024
බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ කළුතර,රත්නපුර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ වැසි ස්වල්පයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 March 2024
ධීවර හබ විසඳන්න ඉන්දු-ලංකා එකතුවක් ඉන්දු - ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත. 02 March 2024
ඉසුරු සොයා ගිහින් දුක් විඳින කතුන් ගෘහ සේවය සඳහා මෙරටින් සවුදියට ගිය කාන්තාවන් සිව් දෙනකු රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් තිස්සේ විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති. 02 March 2024
රත්නපුර සම්බන්ධීකරණය ජනපති,කැබිනට් තීරණය විසි කරයි සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය. 02 March 2024
අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට හානී රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය. 01 March 2024
ගෑනු වලියෙන් තිදෙනෙක් රෝහලට මීගහකිවුල තල්දෙන දොළහ කණුව ප්‍රදේශයේදී අද (01) පස්වරු 6.00 ට පමණ එම ප්‍රදේශයේම කාන්තාවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දැරියක ඇතුළු කාන්තාවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 March 2024
සූර් වී රිය අනතුරු කළ විශ්‍රාමික පොලිස් ලොක්කෙකු අත්අඩංගුවට බීමත්ව රිය පදවා තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී යතුරු පැදියක සහ කාර්රථයක ගැටීමෙන් රිය අනතුරුක් කළ බව කියන විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිසි අධිකාරීවරයකු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අද (01) සවස සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. 01 March 2024
සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය අද (01) රාත්‍රී අත්අඩංගුවට ගත්තේය. 01 March 2024
හක්කා පටස් පුපුරා කුඩා දරුවකුට බරපතල තුවාල ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටස ප්‍රදේශයේ දි හක්කා පටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි 01 March 2024
විදුලි බිල අඩු කිරීම දෙවැනි වරටත් කල්යයි විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම අද (1) පියවර ගත්තේය. 01 March 2024
’’රනිල්, ඔබ මගේ අවමංගල සභාව ඇමතිය යුතුයි’’ කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2024
නීති විද්‍යාලයට වසර 150යි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාල කළමනාකාරීත්වය තැපැල් මුද්‍රාවක් නිකුත් කළේය. 01 March 2024
බිත්තර ගැන බලාපොරෙත්තුවක් ලබන සතියේ බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 01 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025