විජයදාසට තවත් වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම, සහ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් වාරණ නිකුත් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරි මාන්න මහතා අද (28) නියෝග කළේය.