
(අංජුල මහික වීරරත්න)
සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවකදී පැවසීය.
සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.
කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් ජනතාවට සහල් සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ධාරිතාව නගා සිටුවමින් සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීමට අදාළව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා දෙක, ලංකාවේ මිනිසුන්ගෙන් ඉල්ලගෙන කන.
බලය ගන්නකම් අරූ කොමිස් ගහනවා මූ කොමිස් ගහනවා කිය කිය මැරෙන්න හැදුවා. අපිට දෙන්න අපි හොරු අල්ලනවා අරම කරනවා මෙහෙම කරනවා කිය කිය මැරෙන්න හැදුවා. දැන් බිත්තර වලින් කොමිස් ගහන්නේ කව්ද දන්නේ නෑ. මිනිහට උතුර දකුණ මාරු වෙලා ඉන්නේ කොහෙද කියල හොයා ගන්න මාලිමාවක් හොයනවා. මිනිහට අමතක වෙලා දැන් බලේ ඉන්නේ එයාලා කියලා.
දැන් තමයි රටට හරි පාලකයෙක් ලැබුණේ, ඒ නිසා ඔහුට නිවැරැදිව හා ක්‍රමානුකූලව රට පාලනය කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් ලබන 14 වෙනිදා ලබා දිය යුතුයි...!
දීර්ඝ සාකච්ඡා, දීර්ඝ විවේචනවලින් ප්‍රශ්න විසඳන සහෝදරයෝ...
ව්‍යාපාරිකයෙක් ලාභ ලැබුවොත් ඔහු තව තවත් ව්‍යාපාර ආරම්භ කරනවා වැඩි වැඩියෙන් රක්ෂා දෙන්න පුළුවන් වෙනවා. රජයට ආදායම් බදු ලැබෙනවා. ඒවා නුසුදුසු නම් ළඟ බලා කටයුතු කරන්න පුතා... දීඝායු දුර බලන්න ළඟ බලන්න එපා කියලා දීඝායු ජාතකයේ තියෙනවා. ඒවා කියවපු එය තේරුම් ගනීවි නුවනැත්තෝ සිතත්වා... අනුවණයෝ ඩිස්ලයික් දමත්වා...!
එඩිතර නායකයින් කයිවාරු ගහන්නේ නැහැ. අපේ රටේ ඉන්නේ නායකයෝ නෙවෙයි බබාලා... තාම රටේ කිසිම වෙනසක් වුණේ නෑ. ඉදිරියට වෙන්නෙත් නෑ. ජනතාව අසීරුවෙන් ජීවත් වෙන්නේ...
මාර සිංහ නඩයක්නේ කරන්නේ...!