කන්දකාඩු වාර්තාව අධිකරණ ඇමතිට
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද(1) බාර දෙනු ලැබීය.