
(අමදෝරු අමරජීව )
සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.
අලියා පෙරළා දැමූ පොල් ගසක් පාසල් ගොඩනැගිල්ලක වහලය මතට වැටීමෙන් එම ගොඩනැගිල්ලේ වහලයට හානි සිදු වී ඇතැයිද සේරුනුවර පොලිසිය පැවසීය.
අලියා පෙරන ලද පොල් ගස පාසල් ගොඩනැගිල්ලේ වහලය මතට කඩා වැටීමෙන් වහලයට හා උළු කැට හතළිහකට පමණක් හානි සිදු වී ඇතැයි විදුහල්පති බී.ජි.එස්. විජේකුමාර මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. මීට අමතරව පාසල් ජලනල පද්ධතියට හානි සිදුකර තිබේ.
ඇතැම් දිනවල උදෑසන හයට පමණ තමන් පාසල විවෘත කිරීමට එන විට අලියා පාසල තුළ රැඳී සිටින බවත් එවැනි අවස්ථාවල අවට දෙමාපියන් කැඳවා අලියා එළවා දමන අවස්ථා ඇති බවද විදුහල්පතිවරයා කීහ .සිදුවී ඇති හානිය පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද දැනුවත් කර තිබේ .
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
පින්සිපොල් Friday, 25 October 2024 10:36 AM
කීවෙනි පන්තියටද ඇතුළත් කරගත්තේ?
අරවින්ද මොනරවිල Friday, 25 October 2024 11:14 AM
බෝඩ් එකක් ගහලා බලන්න සර්... අලින්ට ඇතුල්වීම තහනම් කියලා...
සදුම් Friday, 25 October 2024 11:19 AM
සුහුරු පංතිකාමරයක් හෝ බස් එකක් දෙන්න එන්න ඇති, මැතිවරණ නීති නිසා බැරි වුණා. තරහා ගියා. එච්චරයි.
mangala Friday, 25 October 2024 02:25 PM
අතපය තිබ්බ පලියට මේකේ කොටන්න එපා. කෙනෙක්ගේ දුක විහිළුවට ගන්න එපා. මිනිස්සු වගේ හැසිරුණා නම් තමයි හොඳ. අලියත් එකයි මේ වගේ සත්ව අදහස් තියෙන මිනිස්සුත් එකයි. එක අතකට සත්තු හොඳයි.
මූසිලFriday, 25 October 2024 03:41 PM
ඔයා එක්ක ජීවත්වෙන අය ගැන හරිම දුකයි. ඉන්න පළාතේ මිනිස්සුත් පව්...!