IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්

 

(රන්ජන් කටුගම්පොල)

තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක මහතා  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

කැලණිය වනවාසල පදිංචි මහින්ද සේනානායක මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් මැතිවරණ කොමිසම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති

නීතිඥ සම්පත් විජේවර්ධන මහතා විසින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන්වේ

පෙත්සමිකරු මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නැමති දේශපාලන පක්ෂයෙන් තරඟ වැදීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට සඳහා නාම යෝජනා පත්‍ර භාරදී තිබේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාමනායක මහතා වරදකරු කොට 2022 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4 සිර දඬුවම් නියම කෙරිණි

පසුව ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව ඔහු නිදහස් කෙරිණි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)අ 90 සහ 89( ඇ) යන වගන්තින් අනුව දඬුවම් ලැබූවකුට වසර 7 ප්‍රජා අයිතිය තහනමක් හිමි වේ

ඒ අනුව 2022 ජනවාරි 12 සිට 2028ජනවාරි 12 දක්වා රජරාමනායක මහතාට මැතිවරණයක් සඳහා තරග කිරීමට අයිතිවාසිකමක් නොමැත

 



අදහස් (0)

රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site