ලංකාවේ ආර්ථික අයිතිය කඩන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2024
ගුරුවරයෙක් සිසුන් 7කට කොසුමිටෙන් පහරදීලා පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් හත් දෙනෙකුට එහි ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහර දීම නිසාවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. 01 March 2024
ගාල්ල දුම්රිය මාර්ගයට ගලක් පෙරලී දුම්රියට දැඩි හානි ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසලදි දුම්රිය මාරගයට අද (01) උදැසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාරගයට හානි පැමිණ තිබේ. 01 March 2024
කාසල්රි - මවුස්සාකැලේ ජල මට්ටම පහලට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය. 01 March 2024
මවට නින්ද යයි : සිඟිත්තා මහපාරට වැටෙයි හැටන් කොළඹ මාර්ගයේ ගුරුමැතිය ප්‍රදේශයේදී මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී හමු වූ බව පොලීසියට හමුවූ බව කිතුල්ගල පොලිසිය පවසයි. 01 March 2024
පොලිස්පති කතානායක හමුවෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. 01 March 2024
පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක් පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු විසින් අද (01) අලුයම් කාළයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 01 March 2024
පැහැරගෙන යමින් තිබූ වාහනය අතහැර කොල්ලකරුවෝ පැනයති පැහැරගෙන යමින් තිබූ වැගන් ආර් වර්ගයේ රියක් ඇල්පිටිය ජම්බුගහහේන ප්‍රදේශයේ අතහැර දමා කොල්ලකරුවන් පලාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 01 March 2024
සිඟිත්තියට පහරදුන් මව පියා අත්අඩංගුවට රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී අවුරුදු 3 ක් පමණ වයස සිගිති දැරියකට කෲර ලෙස පහරදී ළමා හිංසනය කළැයි සැකපිට මව්පිය යුවලක් අද (1) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි . 01 March 2024
රුවන්වැලි සෑය ළඟ ගංජා විකුණූ ජාවාරමා මාට්ටු අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනු ලබීය. 01 March 2024
කළුතර අනවසර කඩ ඉවතට කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු කළේය. 01 March 2024
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 01 March 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි. 01 March 2024
බංග්ලාදේශයේ ගින්නක් බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. 01 March 2024
රට යවන්න ගත් ලක්ෂ 53 අධිකරණයෙදී ගෙවයි කැනඩා යවන බව පවසමින් වංචා කළ රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් විත්ති පාර්ශවයේ කාන්තාවක වින්දිත පාර්ශවයට ගෙවීම පානදුර අතිර්ක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතාගේ අනුමැතිය මත පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය. 29 February 2024
කුසල් වෙනුවට දික්වැල්ල විස්සයි20 පිලට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. 29 February 2024
ව්‍යවස්ථා සභාවේ තීරණවලට විධායකයට බලපෑම් කරන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව විධායකයට නැතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 29 February 2024
බාල බෙහෙත් වංචාවට වෛද්‍ය ජයනාත් බුත්පිටියට වරෙන්තු බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය. 29 February 2024
‘‘ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගන්න දඟලනවා‘‘ ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගැනිීම සඳහා සන්ධාන ගතවීම් සිදුකරමින් සිටියද ඒ කිසිදු සන්ධානයකට ජාතික ජනබල වේගය එකතු වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 29 February 2024
හිටපු ඇමැති රෝනී රුහුණු සරසවියට අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද සවස රුහුණ විශ්ව විද්‍යාලයට රිය පෙරහැරකින් රැගෙන ආවේය. 29 February 2024
හෙට දකුණට ශෝක දිනයක් අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කරන හෙට (01) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 29 February 2024
ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 February 2024
මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය. 29 February 2024
රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක් මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පවරා තිබේ. 29 February 2024
ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ් ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (29) නියෝග කළේය. 29 February 2024
එච්.අයි.වී ආසාදිතයින් ඉහළට එච්. අයි. වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. 29 February 2024
රටපුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයෝ කොළඹට එති විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විහ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට අද (29) දහවල් විරෝධතායක් පැවැත්වූහ. 29 February 2024
රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගැනීමට ලබන සඳුදා (4 වැනිදා) සිට දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (29) පැවසීය. 29 February 2024
නාගානන්ද නීතිඥ වෘත්තියෙන් නෙරපයි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබාදුන්නේය. 29 February 2024
නව පොලිස්පති ජනපති හමුවෙයි නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 29 February 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025