කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ
සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන ’’සසුන් කෙත අස්වද්දමු ’’ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි .