අල්ලස් චෝදනා ලැබූ පී එච් අයි නිදොස්කොට නිදහස්
හෝටලයක වාර්ෂික වෙළඳ බලපත්‍රය ගැනීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව දීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි බෝවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීරණය කළේය.