
(ජේ.ඉඳුරුවගේ)
රුපියල් එක් කෝටි හැට ලක්ෂයක වටිනාකමක් ඇතැයි කියන අම්බර් (තල්මස් වමනය )කිලෝ ග්‍රෑම් එකහමාරක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (23) අලුයම බෙන්තොට ප්‍රදේශයේ අවන්හලකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කිරිඳිවැල පදිංචි 31හැවිරිදි හා බියගම පදිංචි 28 හැවිරිදි දෙදෙනෙකි.
අම්බර් තොගය අලෙවි කිරීම සඳහා ගැනුම්කරුවන් පැමිණෙන තෙක් අවන්හලේ රැඳී සිටි මොවුන් දෙදෙනා පොලීසිය මගින් යෙදවූ උපාය දූතයන් මාර්ගයෙන් අම්බර් තොගයද සමගින් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අම්බර් තහනම් ලඟ තියාගන්ඩ. මාර කෙලියක්නේ.
අම්බර් ටික තල්මහට ගිහිල්ලා දෙන්න... ඌ අඬනවා.
තල්මහගේ ගෑණි අයිතිය ඉල්ලලා නඩුවක් දාලා ඕක ගිහින් දෙනවා.