
( තිලකරත්න දිසානායක.)
දේශීය නිෂ්පාදන වන පොල් කිරි සහ ජෙලි අපනයනය කරන මුවාවෙන් කටාර් රාජ්‍යයට යැවීමට සූදානම් කොට තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200 සහ අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි.
වයස අවුරුදු 42 ක් වන මොහු ගණේමුල්ල , තිබ්බොටුගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මත්ද්‍රව්‍ය ඇසුරුම් කොට සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් වාර්තා වුවද සූක්ෂම ලෙස අසුරා මෙලෙස වෙනත් රටවලට මත්කුඩු යැවීමක් සම්බන්ධයෙන් ඛරපතල වාර්තා වීමක් මෙසේ සිදුවී නොමැති බවද පොලිසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස වැටලූ අවස්ථාවේ ඔහු වෙළඳ සලෙන් රැගෙන එනලද බඩු ලෙස පොල් කිරි පැකට් සහ ජෙලි පැකට්ටු පොලිසියට පෙන්වා ඇති අතර සැක සිතෙන අයුරින් තිබූ පොලිතීන් ඉවත්කර බැලීමේදී ඒ තුල මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබුණු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ, ඉතින් අපනයන ආර්ථිකයකට දැන් සංක්‍රමනය වෙමින් ඉන්නේ අපේ අය.