
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි තරුණයා ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට එම ගෙල කොටස දැමීම සහ ඔහුගේ මවට පහරදී අත කඩා දැමීමේ චෝදනාවට ලක් වූවකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි සික්කු හේවගේ පියදාස ඩයස් (80) යන අය ඉකුත් 15 දා ඝාතනය කෙරෙිණි.
ඒ සම්බන්ධයෙන් 17 හැවිරිදි ප්‍රධාන සැකකරු හා වැල්ලම්පිටිය මීතොට මුල්ල 16 හැවිරිදි අනෙක් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් සංජය සිල්වා මහතා විසින් මෙම මස 29 වෙනිදින දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.
මුරකරුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි තරුණයා පවත්වාගෙන යන පෙම් සබඳතාවයක් මුරකරු විසින් එම මධ්‍යස්ථානයේ කළමනාකාරිණියට දැනුම් දීමත් සේම , එයට විශාල ලෙස බාධාවක් වීම හේතුවෙන් සිතේ ඇති වූ වෛරය හේතු කොටගෙන 16 හැවිරිදි තරුණයාත් සහභාගී කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව එම නිලධාරියා කිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මනෝ වෛද්‍යවරයෙකුට භාර දිය යුතුයි.
එහෙම වැරැදි කරපු පුද්ගලයෙක් කොහොමද? ළමා නිවාසයක තියාගෙන ඉන්නේ. පුනරුත්ථාපනය කඳවුරක හරි.., හිරේ ඉන්න ඕනෑ... මේ වගේ විෂබීජ සමාජයේ නිදහසේ ඉන්න දීමෙන් තවත් ජීවිත විනාශ කරන එකනේ වෙන්නේ...