
(මහින්ද නිශ්ශංක)
එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව එම තැපැල් ජන්ද අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු භාර ගෙන කඩිනමින් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කළේය.
මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 01 හා 4 යන දිනවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම දින දෙකේදී තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද දායකයින්ට නොවැම්බර් 7 හා 8 යන දිනවලදී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහ මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට බාරදෙයි