IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බුලත් විටත් ගණනන් උස්සයි

(අමිල චින්තක ගමගේ)

රුපියල් 60 ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.

ඇතැම් ප්‍රදේශවල අධික මිලකට බුලත් විටක් විකිණීමට අකමැති වෙළෙන්දන් බුලත් විටට පුවක් බාගය දමා අලෙවි කරනු දක්නට ලැබෙන බව පාරිභෝගිකයෝ කියති.

ඒ අනුව පුවක් ගෙඩියක් දෙකට කපා ඉන් එක් භාගයක් රුපියල් 25කට අලෙවි කරන බවත් ඊට හේතුව ලෙස බුලත් විට වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල පුවක් ඵලදාවේ අඩුවක් පවතින බැවින් මෙලෙස බුලත් විටක මිල ඉහළ දැමීමට සිදු වූ බවයි.

මේ දිනවල පුවක් ගෙඩියක් රුපියල් 50ත් 60ත් අතර මිලක් වන අතර එක් විටක් සෑදීම සඳහා බුලත් කොළ තුනක් සහ එක් පුවක් ගෙඩියක් යොදාගෙන එය රුපියල් 130කට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වේ.



අදහස් (4)

බුලත් විටත් ගණනන් උස්සයි

Priyantha Dissanayake Wednesday, 23 October 2024 09:54 AM

බුලත් විට රු. 60 තිබ්බේ කවදා කොහේද කියන්න නම් නොදනිම්, 80,100ට නම් තිබුණා. හැමදේම ගිණිගනන් කිසිම සහනයක් නැහැ, රජයක් නැති ගානයි.

:       4       10

Suranga Wednesday, 23 October 2024 03:15 PM

ප්‍රියන්ත අපේ ප්‍රදේශයේ නම් තවමත් රුපියල් 50 ක් වෙනවා. සමහර මුදලාලි කෙනෙක් සිල්ලර වෙළඳාම නවතා බුලත්විට පුවක් හා කෙසෙල් විකිණීමට බැහැලා ඉන්නවා...!

:       0       3

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 23 October 2024 10:56 AM

අපේ මාලිමා ආන්ඩුවක් ආවම බුලත් කාල කෙල ගහන එක අවම කරන්න බුලත් විට වල ගාන වැඩි කරනවා.එතකොට බුලත් විටටත් අපමණ අගයක්.

:       4       10

කමල් Wednesday, 23 October 2024 11:51 AM

පුවක් ගෙඩියක් රුපියල් 20 යි .ඉස්සරහට තව අඩු වෙනවා .සැපයුම හොඳට තියනවා ..බුලත් ,දුම්කොලත් දැන් මිල අඩුයි .මේක කඩ කාරයන්ගේ මාෆියාවක් ..බුලත් විට නොගෙන බඩු ටික වෙනම ගන්න ඕනේ හැමෝම .තොග කඩ වලින්

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site