
(කාංචන කුමාර ආරියදාස)
විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ අනතුරු ඇඟවීම් රටවල් ගණනාවක් විසින් නිකුත්කර තිබුණද මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 99 ක් පමණ දෙනාම පැමිණෙන සීගිරිය සංචාරක ප්‍රදේශයට අද උදෑසන වනවිටත් කිසිදු විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොමැති බව සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතාගෙන් ඊයේ (24) උදෑසන කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ මෙතෙක් තමන්ට කිසිදු ආයතනයකින්, ආරක්ෂක අංශයකින් ආරක්‍ෂාව සිදුකරන ආකාරයක් හෝ ආරක්ෂාවක් වැඩිකිරීමක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවය.
ඒ අනුව සුපුරුදු පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නිලධාරීන් සහ සීගිරිය සංචාරක පොලිසිය ක්‍රියාත්මක බව හේතෙම පැවැසීය.
කෙසේ වෙතත් පසුගියදා විදේශීය රටවල් රැසකින් අනතුරු ඇඟවීම් පිළිබඳව නිවේදන නිකුත් කර තිබුණද සීගිරිය නැරඹීම සඳහා අද ( 24 ) දින උදෑසන අති විශාල විදේශීය සංචාරකයන් පිරිසක් සීගිරියට පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකි විය.


2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සීගිරියට සංචාරකයන් අඩුවක් නෑ
AD Friday, 25 October 2024 12:17 AM
සංචාරකයින් සමග පැමිණෙන මගපෙන්වන්නා හැර වෙනත් පුද්ගලයින් සංචාරකයින් සමග එම සංචාරය අතරතුර ගනුදෙනු කිරීම නැවැත්විය යුතුවේ...!