
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් අද(25) එල්ල කළේය.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර හමුදා ඉලක්ක වෙත මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කරන බවත් ඉරානයේ න්‍යෂ්ටික හෝ තෙල් පිරිපහදු වෙත ප්‍රහාර එල්ල නොකරන බවත් ඊශ්‍රායලය ප්‍රහාර මාලාව ආරම්භ කිරීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
පළමු ප්‍රහාරයෙන් ටෙහෙරානයේ ස්ථාන 7 ක පමණ පිපිරීම් සිදුව ඇතැයි ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේය. ප්‍රහාරයට පැමිණි ඇතැම් ඩ්‍රෝන යානා සහ එල්ල කළ මිසයිල ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කර දැමූ බවද ඉරාන මාධ්‍ය පැවැසුවේය. කෙසේ වෙතත් නැවත වරක් ඉරානයට මීට සුළු මොහොතකට පෙර ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් ඉරාන ගුවන් සීමාව වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ.
ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් පැය කීපයක් පුරා සිදුවනු ඇති බවත් ඉරානයද ඊශ්‍රායලය නැවත පිළිතුරු දීමට සූදානම් වන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තවමත් නිල වශයෙන් ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳව ඉරාන රජය නිවේදනයක් කර නොමැති බවද පැවැසෙයි.
කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාරයට ඇමෙරිකාව සම්බන්ධ නොවන බවට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරයත් සමග කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවදානම තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
saman Saturday, 26 October 2024 11:18 AM
ඉරානයෙන් ගහපු එක නැත්තේ ඇයි?
Bishan Saturday, 26 October 2024 11:36 AM
අහස් කූරු වගයක් යනවා නම් දැක්කා...!