ගුරු - විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 June 2024
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ අයැදුම්පත් හෙට ලංකාදීපයේ රජයේ පාසල්වලට ලබන වසරේ පළමු ශ්රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත. 27 June 2024
නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවසන් කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 27 June 2024
පාකිස්තානයට රස්නෙ වැඩිවේ: මරණත් ඉහළට දකුණු පකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිනකට 30 - 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 June 2024
අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය. 27 June 2024
දකුණු අප්‍රිකාව අවසන් මහ තරගයට දකුණු අප්‍රිකානු පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (27) පෙරවරුවේ සමත් විය. 27 June 2024
පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිර වෙයි පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 June 2024
ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. 27 June 2024
හිටපු රුසියානු ආරක්ෂක ඇමැති-මාණ්ඩලික ප්රධානීට ජාත්‍යන්තර වරෙන්තු හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. 27 June 2024
නුවරඑළියේ පොදු වැසිකිලියක මළ සිරුරු දෙකක් නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසිය කියයි. 27 June 2024
කොළඹ ගං වතුරේ සුල මුල සොයයි කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය. 27 June 2024
මව් කිරි සිරවී සිඟිත්තිය මරුට යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා දැරියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පැවසීය. 27 June 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 27 June 2024
පැය විසි හතරට සැකකරුවන් 807 ක් මාට්ටු දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 773ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 34 ක් ඇතුළු සැකකරුවන් 807 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 27 June 2024
පිටිපන ඉඩමක් ලංවිමට දෙයි හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 June 2024
තිදරු මව කපා කොටා ඝාතනය කරලා ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි. 27 June 2024
කෝටි පහක හෙරොයින් සමඟ ජාවාරමුන් හතරක් කොටුවෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 June 2024
ගන්දර තොටුපොළ ධීවර වරායක් වෙයි ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2024
නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී ඉන්දීය ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දස සෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 June 2024
සාරි කඩේට බෝම්බ ප්‍රහාරයක් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සාරි වෙළද සලකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නෙල්ලිඅඩි පොලිසිය සදහන් කරයි. 27 June 2024
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 June 2024
ජනපති ජාතිය අමතද්දී තැන තැන රතිඤ්ඤා පත්තු වේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතද්දී එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා පත්තු කළහ. 26 June 2024
නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වේ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය. 26 June 2024
‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘ ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26)පැවසීය. 26 June 2024
ජනපති සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) පැවසීය. 26 June 2024
මහේල උපදේශක තනතුරෙන් අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2024
ජල ටැංකියක් පිරිසිදු කරන්න ගිහින් විදුලි සැර වැදිලා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමකින් බරපතල පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය. 26 June 2024
ගුරු විදුහල්පති විරෝධතාවයේ යෙදුණු තිදෙනෙක් ජාතික රෝහලට කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය . 26 June 2024
වෙරළබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගුයි කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මීට සුළු මොහොතකට පෙර කාර්මික දෝෂයට ලක් වීමෙන් හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවත් ධාවනය කිරීමට නියමිත දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 26 June 2024
ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට(27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. 26 June 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026