දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය. 28 March 2024
කෙහෙළිය යළි රිමාන්ඩ් බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය. 28 March 2024
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. 28 March 2024
එන්නතෙන් පසු ක්ලාන්ත වී සිසුන් 10ක් රෝහලේ කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 28 March 2024
ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී. 28 March 2024
’’පුද්ගලයකුගේ අවම මාසික වියදම රු. 17,000යි’’ ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 28 March 2024
නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 28 March 2024
පොල් කිරි රට යවා කෝටි 290ක් සොයයි පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 28 March 2024
බිත්තර ආනයනය සීමාකරයි ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 28 March 2024
කතුරෙන් ඇණ පුද්ගලයෙක් මරලා ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 28 March 2024
පිස්සු නටන දේශපාලන පිරිසකට මැතිසභා කමිටුවෙන් රතු එළියක් කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 28 March 2024
කෝපා කමිටුව රේගුවට දෙහි කපයි නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 March 2024
නලින්ගෙන් ජවිපෙට අභියෝගයක් රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය. 28 March 2024
ජනපති තරගෙට මම සූදානම් ඉදිරියේදී නිර්මාණය කෙරෙන නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකය දුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පි චම්පික රණවක මහතා පැවසීය. 28 March 2024
ඥානසාර හිමි වසර හතරක් හිරගෙට ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය. 28 March 2024
ගෙවත්තේ තණකොළ කපමින් සිටි අයෙක් ලොරියට බිලි යාපනය පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකඩ කඩාවැදීමෙන් ගෙවත්තේ සිටි වයොවෘද්ද අයෙකු ලොරියට යටවී මිය ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පැවසීය. 28 March 2024
සටන් පාඨ නැති විපක්ෂය බොරු පැළ කරනවා විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 March 2024
ලේඛනගත පාතාලයෝ 10 ක් අල්ලයි පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ලේඛනගත පාතාල අපරාධකරුවෝ 10 ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබූහ. 28 March 2024
ඉබ්බා කපා කොටා මරා දමලා ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ පබිලිස් කඩේ අසලදි අද අලුයම තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝා.තනය කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 28 March 2024
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර,දකුණ, සබරගමුව,මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 March 2024
අගමැති චීන ජනපති හමුවෙයි චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි. 27 March 2024
ඇමෙරිකා පාලමේ හැපුණු ඩාලි හසුරුවා ඇත්තේ පළපුරුදු නැවියන් ඇමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණු ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි ඩාලි නම් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව හසුරුවා ඇත්තේ බැල්ටිමෝර් වරායේ සිට නෞකාවක් යාත්‍රා කරවන විට හමුවන බාධක මගහරවා ගනිමින් නෞකා යාත්‍රා කරවීමට විශේෂ පුහුණුවක් ලැබූ ඇමෙරිකානු නාවිකයන් පිරිසක් බව මේරිලන්ඩ් ප්‍රවාහන ලේකම් පොල් වීඩ්ෆෙල්ඩ් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 27 March 2024
පොහොට්ටුවේ විනය කමිටුවට නීතිඥයන් 7 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය. 27 March 2024
මුලතිව් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ රිය අනතුරකින් මරුට මුලතිව් ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ගමන්ගත් කැබ් රථය අද (27) සවස ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පැවසීය. 27 March 2024
සහල් - ලොකු ලූණු බද්ද අඩු කරයි ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. 27 March 2024
ගිනුම් හයකින් කෝටි අටක් වංචා කරලා බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් මිලියන 84 ක් වංචා කළ බව කියන සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 March 2024
පුත්තලම සම්බන්ධීකණය ලොක්කෝ වර්ජනයේ රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේයැයි විරෝධය කළ කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම්වරුන් සහ ආයතන රැසක ප්‍රධානින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් එහි කටයුතුවලට අද (27) බාධා විය. 27 March 2024
කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 8 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 27 March 2024
පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 March 2024
දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) ප්‍රතික්ෂේප කළේය. 27 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025