IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්

(රංජන් කස්තුරි)

හිටපු  නියෝජ්‍ය  ඇමතිවරයකු වන  චන්දන  කත්‍රිආරච්චි   මහතා  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි  ඉල්ලමින්  කොළඹ  දිස්ත්‍රික්කයේ   හිටපු නාගරික මන්ත්‍රීවරුන් 56 දෙනෙකු   පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මොරටුව මහ නගර සභාව   බොරලැස්ගමුව නගර සභාව   සහ මහරගම නගර සභාව යන නගර සභාවල  හිටපු නාගරික මන්ත්‍රීවරුන් සහ  සීතාවකපුර  සහ  හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන්  පිරිසක්  එම ලිපියට අත්සන් තබා තිබේ.

සීතාවක පුර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ආනන්ද රූපසිංහ මහතා විසින්  රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම ලිපිය   ලියා ඇති අතර අනෙක් මන්ත්‍රීවරුන් ඊට එකඟතාවය පළ කරමින් අත්සන යොදා තිබේ.

සිලින්ඩරය ලකුණ  යටතේ තරග කළ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට  කොළඹ  දිස්ත්‍රික්කයෙන්  වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාදීමට  නායකත්වය ලබාදීම   කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂයට  ලැබුණු  මනාප  වලින්  වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට  සමත්වීම   කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ශක්තිමත්  කා ර් ය  භාරයක් ඉටු කිරීම ඇතුළු කරුණු හේතුවෙන්   චන්දන  කත්‍රිආරච්චි   මහතා   ජාතික ලැයිස්තුවෙන් පා ර් ලිමේන්තුවට පත් කළ යුතු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.



අදහස් (12)

ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්

රසාල් Monday, 18 November 2024 08:45 PM

කෝ මෙයාගේ ගමේ කැස්බෑව නගර සභාවෙන් කවුරුත් අත්සන් කරලා නැද්ද?

:       1       8

සිලින්ඩර් බිල්ල Monday, 18 November 2024 09:13 PM

ඇයි මෙයා ඔය කියන නගර සභාවලට මොනවා කරලාද ඔච්චර ඉල්ලන්නේ? මට මතකයි ඉස්සර මැර වැඩවලට නම් ප්‍රසිද්ධියක් දැරුවා...

:       0       13

බකල ජයා Monday, 18 November 2024 10:42 PM

මේ නාගරිකයි කියන මන්ත්‍රීවරුන් හරිම අවංකවම ඔය මිනීමැරුමක් වගේ පොඩි චෝදනාවක් තියෙන මෙතුමාව ඉල්ලන්නේ...!

:       0       9

Roshan Monday, 18 November 2024 10:52 PM

ප්‍රසිද්ධ හරක් හොරුන්...

:       2       12

Perera Monday, 18 November 2024 10:55 PM

මෙයා මොකක්ද අපරාධයකට කලකට උඩදී හිරයට ගිය චරිතයත්.... නේද?

:       1       11

manju Tuesday, 19 November 2024 08:32 AM

ජාතික ලැයිස්තුව කෙසේ වෙතත් මොහුට විරුද්ධව තියන මිනීමැරුම් නඩුව අහන්න ඕනේ

:       2       77

Manju Tuesday, 19 November 2024 08:37 AM

ජාතික ලැයිස්තුව කෙසේ වෙතත් මූට විරුද්ධව තියෙන මිනීමැරුම් නඩුව අහන්න. ඒක මහින්දය ගෙ කාලෙ අස් කරගත්ත.

:       2       57

sam Tuesday, 19 November 2024 10:16 AM

අර චොකා මල්ලිගේ දෙවනියා .මේ වගේ මිනීමැරුම් වලට සම්බන්ධ අය එක්ක තමයි ජොලි සීයා දේශපාලනය කලේ

:       6       57

බණ්ඩා Tuesday, 19 November 2024 10:44 AM

මරු පාර්ලිමේන්තු යවන්න.. අඩුම ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කමක්වත් සුදුසු නැහැ. කාංචන වගේ කෙනෙකුට මේක දුන්නා නම් වටිනවා නාකි පොරවල් නැතුව.

:       1       6

Suresh Tuesday, 19 November 2024 12:36 PM

ලෝක හොරු තමයි...

:       1       8

Left voter Tuesday, 19 November 2024 10:49 PM

මේ වගේ ආතක්, පාතක් නැති පිස්සෙක් දානවාට වැඩිය හොඳ නැද්ද වෙන වැඩක් තියන මනුස්සයෙක් දාන එක. මෙයා අඩුම ගණනේ කැස්බෑවාට ටොයිලට් එකක්වත් හදලා දීලා තියනවාද?

:       1       9

Indrani Wijesundara Wednesday, 27 November 2024 10:02 AM

එකඟයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site